ගෝඨාභය ගේ ඉදිරි ආණ්ඩුවේ කැබිනට්ටුවට අලුත් මුහුණු ගණනාවක් පාතාලයන්ගේ තෝම්බුවක් හදයි

මැති ඇමැතින් 70 දෙනෙක් පරදිනවාලු

පසුගිය පාර්ලිමේන්තුව නියෝජනය කළ මැති ඇමැතින් 70 දෙනෙක් පමණ ලබන සතියේ පැවැත්වෙන මහ මැතිවරණයෙන් පරාජය වීමට ඉඩ ඇති බව පාර්ලිමේන්තු සමීක්ෂණ අංශය පවසයි .

පසුගිය වසර 25 ක මැතිවරණ ප්‍රතිපල වාර්තා සමීක්ෂණයෙන් පසු සමීක්ෂණ අංශය ප්‍රකාශ කරන්නේ සාමාන්‍යයෙන් පැවති සෑම මහ මැතිවරණයකදීම හිටපු මැති ඇමැතින් 65 ක් 70 ක් අතර සංඛ්‍යාවක් පරාජය වූ බවය.එය මෙවර මහ මැතිවරණයටත් අදාල වේ.ඒ අතර හිටපු කතානායක කරු ජයසූරිය ,හිටපු ඇමැති ආචාර්ය සරත් අමුණුගම හා නිශාන්ත මුතුහෙට්ටිගම ආදී කිහිප දෙනෙක් මෙවර මහ මැතිවරණය ට ඉදිරිපත් ව නැත .මහ මැතිවරණය ට තරග නොකරන එ.ජා.පයේ සාගල රත්නායක ,ජෝන් අමරතුංග ආදී පිරිසක් එ.ජා.ප ජාතික ලැයිස්තුව ට පිවිස සිටී.සජිත් පිලේ ජාතික ලැයිස්තුව ට හිටපු ඇමැතින් වන රන්ජිත් මද්දුම බණ්ඩාර ,හරින් ප්‍රනාන්දු ,එරාන් වික්‍රමරත්න ආදීහු ඇතුළත් වෙති.වෙනදා මහ මැතිවරණය ට තරග කරන දෙමළ සන්ධාන නායකයන් කිහිප දෙනෙක් ද ජන්ද සටනින් ඉවත්ව ජාතික ලැයිස්තුව නියෝජනය කරයි.

පාර්ලිමේන්තු සමීක්ෂණ අංශය ප්‍රකාශ කරන ආකාරයට මෙයට පෙර බොහෝ අවස්ථාවල නවක මන්ත්‍රීන් ලෙස අලුතෙන් මැති සබයට පිවිස ඇත්තේ තරුණ පිරිසකි.මෙවරද තරුණ පිරිසට වැඩි අවස්ථාවක් හිමිවනු ඇතැයි එම අංශය පවසයි .

Leave a reply: