මැයි මස මුල් සතිය වන විට රටම විවෘත කෙරේ ?

දැනට සීමිත මට්ටමකින් මෙරට ඇදිරි නීතිය ලිහිල් කර තිබුණද තවත් දෙසතියකින් මැයි මාසයේ මුල් සතිය වන විට රට සම්පූර්ණයෙන් විවෘත කළ හැකි වෙතැයි ඉහළ පෙළේ ආරංචි මාර්ග කියයි .එහෙත් ඊට පෙර වෛද්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා ඒ ගැන සහතිකයක් නිකුත් කළ යුතු ය .

දැනට මෙරට උපදිසාපති කොට්ඨාස 324 න් 30 ක් පමණ වසා දමා තිබේ .ඉතිරි සියල්ල ඉදිරි සතියේ සිට උදේ 5.00 සිට රාත්‍රි 8 .00 දක්වා විවෘත කෙරේ .කොරෝනා අවදානම දැඩි ලෙස පවත්නා එම ප්‍රදේශ වසා තබා රෝගය පාලනය කර ගතහොත් තවත් දින 14 කින් පමණ දැනට වසා දමා ඇති ප්‍රදේශ වලින් ද ඇදිරි නීතිය ඉවත් කළ හැකි වෙතැයි වාර්තා වේ .

විශේෂයෙන් අගනුවර ආශ්‍රිත ආර්ථික කටයුතු සක්‍රීය කිරීම සදහා එම තීන්දුව ගනු ලැබේ .ලබන අප්‍රේල් 30 වැනිදා වන විට පවත්නා තත්ත්වය සලකා බලා කටුනායක ගුවන් තොටුපළ විවෘත කිරීමට ද නියමිතය .ගුවන් තොටුපළ වසා තැබීම හේතුවෙන් දැනට විදේශ වල සිරවී සිටින සිසු සිසුවියන් නැවත මෙරටට කැදවා ගැනීම සම්බන්ධයෙන් ද ඉන්පසු අවධානය යොමු කෙරේ .

Leave a reply: