මිනුවන්ගොඩට පෑලියගොඩට කොරෝනා ගෙනාවේ යුක්‍රේන නියමුවාද?

සිකුරාදා (අද) වන විට රෝගීන් 15330 ක් දක්වා ව්‍යාප්ත වී තිබෙන මිනුවන්ගොඩ පෑලියගොඩ කොරෝනා රෝගී පොකුරට අදාළ වෛරසය මෙරටට ගෙන ආවේ රාජකාරි කටයුත්තක් සඳහා පැමිණි යුක්‍රේන ගුවන් නියමුවන් හා කාර්‍ය මණ්ඩලය ද යන්න සෙවීමට රජය පරීක්ෂණයක් අරඹා ඇත .

දෙවැනි කොරෝනා රැල්ල ආරම්භ වීමට සති තුනකට පමණ පෙර කටුනායක ට පැමිණි මොවුන් දින කිහිපයක් හෝටලයක රැඳී සිට පිටත්ව ගොස් තිබේ .ඒ අතර බ්‍රැන්ඩික්ස් සමාගම එම හෝටලයේ සාදයක් පවත්වා ඇත .වෛරසය බ්‍රැන්ඩික්ස් සේවකයන් ට බෝ වූයේ එමගින්දැයි දැන් විමර්ශනය කෙරේ.

දැන් ගම්පහ දිස්ත්‍රික්කයේ කොරෝනා ආසාදිතයින් වාර්තා වීම අඩු වී ඇත .එහෙත් එයින් රෝගය ආසාදනය වූ ප්‍රමාණය අති විශාලය.එම නිසා කවර තත්ත්වයක් යටතේවත් විදේශ වලින් පැමිණෙන කිසිදු තැනැත්තෙක් දින 14 ක අනිවාර්යය නිරෝධායනය ට ලක් නොකර මුදා නොහැරීමට කොරෝනා කාර්‍ය සාධක බලකාය තීන්දු කර ඇත .ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය ප්‍රකාශ කරන ආකාරයට මෙවර මෙරටට බෝ වූ කොවිඩ් 2 වෛරසය සීඝ්‍රයෙන් පැතිරෙන ප්‍රබල සංකූලතා ඇති කරන යුරෝපා වෛරසයක් බවද සඳහන්ය .

Leave a reply: