මිනුවන්ගොඩින් කොරෝනා රෝගියෙකු හමුවෙයි .

මාස හයකට පමණ පසු රට තුළින් කොරෝනා රෝගියෙකු හමුවීම නිසා රජය ආරක්ෂිත පියවර ගණනාවක් ප්‍රකාශයට පත් කර තිබේ.

මෙරට ප්‍රධාන පෙළේ ඇඟළුම් කම්හල් ජාලයකට අයිති මිනුවන්ගොඩ ආසන්නයේ පිහිටි ඇඟලුම් කම්හලක සේවය කළ තිස් නව හැවිරිදි කාන්තාවක් මෙලෙස කොරෝනා ආසාදිතයකු ලෙස හදුනාගෙන ඇත .ඇය උණ රෝගය සම්බන්ධයෙන් ප්‍රතිකාර ගැනීමට ගම්පහ රෝහලට ඇතුළත්ව සිටියේය.ඒ අවස්ථාවේ ගම්පහ රෝහලේ කරන ලද PCR පරීක්ෂණයකින් පසු එම කාන්තාව කොරෝනා ආසාදිතයකු බව තහවුරුවිය.ඒ සමඟ ඇය ගම්පහ රෝහලින් ඉවත් කොට කොළඹ අයි .ඩී .එච්. රෝහල වෙත මාරු කළේය .

පූර්ව ආරක්ෂිත පියවරක් ලෙස මිනුවන්ගොඩ සහ දිවුලපිටිය පොලිස් බල ප්‍රදේශවලට නැවත දැනුම් දෙන තුරු පොලිස් ඇඳිරි නීතිය පැනවිණි.ඒ සමඟ ඇයගේ පවුලේ අය සහ වෙනත් ආශ්‍රිතයන් රාශියක් මේ වන විටත් නිරෝධාය ට ලක් කර ඇත .ඇය සේවය කරන ලද ඇඟලුම් කම්හලෙන් තවත් උණ රෝගීන් ගණනාවක් වාර්තා වී ඇති බැවින් ඔවුන් සම්බන්ධයෙන්
PCR.පරීක්ෂණ පැවැත්වීමට ආරක්ෂක අංශ පියවර ගනිමින් සිටී.පවතින තත්වය පාලනයට අවශ්‍ය සෞඛ්‍ය නිර්දේශ දැඩිලෙස ක්‍රියාත්මක කරන ලෙස ජනාධිපතිවරයා ජනතාවගෙන් සහ සෞඛ්‍ය දෙපාර්තමේන්තුවෙන් ඉල්ලීමක් කළේය .

Leave a reply: