මීතොටමුල්ලේ කුණු කන්ද බඳු යහපාලනයේ ණය කන්ද.

යහපාලනය යන වචනයේ තේරුම පවා වෙනස් කළ 2015/2019 යූඑන්පී ශ්‍රී ලංකා ආණ්ඩුව ඉතිහාසයේ මෙරට විශාලම ණය කන්ද නිර්මානය කොට දැන් වත්මන් රජයට ඇඟිලි දිගු කරන්නට පටන් ගෙන තිබේ.

පිටරටදේ සිරි සැප දේ යන ප්‍රතිපත්තිය පිළිගත් රනිල් මෛත්‍රී ආණ්ඩුව බලයට පත් වීමට පෙර පැවති මහින්ද රාජපක්ෂ ආණ්ඩුව ලබාගෙන තිබූ දෙස් විදෙස් ණය ප්‍රමාණය දළ දේශීය නිෂ්පාදනයේ ප්‍රතිශතයක් ලෙස සියයට 71%කි.සරලව කිවහොත් රුපියල් සියයක් හම්බ කරන විට ඉන් හැත්තෑඑකක් ණය ගෙවන්නට කැප කළ යුතුය .

වර්ෂ 2005 දී මහින්ද රාජපක්ෂ මහතා යූඑන්පී යෙන් රට බාර ගන්නා විට එම ණය කන්ද 103%ව තිබිණි එදා රුපියල් සියයක් හම්බ කරන විට රුපියල් එකසිය තුනක් ණය ගෙවන්නට සොයාගත යුතුවිය .මහින්ද රජය 71% ටඅඩු කළේ එම ණය කන්දය. ඒ සමඟම මහජනතාවට භාණ්ඩ හා සේවා සඳහා ගෙවන්න තිබූ බදු වර්ග ගණනද 107 සිට 33 ක් දක්වා අඩු කොට සහන සලසනු ලැබීය.

ඉන්පසුව මහින්ද රජයට බැන බැන යහපාලනය කළ 2015 සිට 2019 දක්වා වූ වසර හතර තුල නැවතත් එම ණය ප්‍රමාණය කඳු ගසනු ලැබීය.සියයට 71% ණය ප්‍රතිශතය යහපාලකයන් විසින් 87% දක්වා වර්ධනය කළේ ශ්‍රී ලංකා මහ බැංකුව ද මංකොල්ල කමිනි.ඊට වගකිව යුත්තන් වන ගිය ආණ්ඩුවේ හිටපු ඇමතිවරුන් ඊයේ පාර්ලිමේන්තුවේදී රාජපක්ෂ ආණ්ඩුවේ ණය කන්දක් ගැන කතා කළේ මැරී උපන් උදවිය හැටියටයි .

වත්මන් රජය බලයට පත්වී වසරක් ගතවී හමාරය.එහෙත් රටේ ණය ප්‍රතිශතය මෙම වසර තුළ ඉහළ ගොස් ඇත්තේ සියයට 3% කින් පමණි .දැන් එයින් කොටසක් ගෙවන්නටද පටන්ගෙන ඇත.එම යථාර්ථය දැන දැනත් සජිත් පිලේ සමහරුන් මේ රජය ණය කඳු ගසන්නට පටන් ගෙන ඇතැයි අභූත චෝදනා නගති.මීතොටමුල්ලේ කුණු කන්ද මෙන් ගඳගසන යහපාලනයේ ණය කන්ද අතින් වසාගෙන එලෙස අනුන්ට ඇඟිලි දිගු කරන්ට යාම යථාර්ථය දත් සමාජයට සජිත් ලා සැපයූ තවත් විහිළුවකි .

Leave a reply: