මුඩීස් වාර්තා බොරු කරමින් රජය විදේශ ණය ගෙවා දමයි.

ශ්‍රී ලංකාවේ මහා ආර්ථික අර්බුදයක් ඇති බවට අනතුරු අඟවමින් මෙරට ණය ශ්‍රේණිය පවා පහළ දැමූ ‘මුඩීස්’ නම් ජාත්‍යන්තර ණය ශ්‍රේණිගත කිරීමේ ආයතනය ට අතුල් පහරක් එල්ල කිරීමට අද ( සිකුරාදා ) රජය සමත් විය.

මෙරට විදේශ ණය ගෙවා ගැනීමට නොහැකි යැයි පාරම් බාමින් සිටි ‘මූඩ්ස්’ විශේෂඥයන්ටත් ,සජිත් පිලේ ආර්ථික කෙරුමන්ටත් හොඳ උත්තරයක් දෙමින් අද අප රට විසින් මේ වසරේ ගෙවිය යුතු ඩොලර් මිලියන දහසක ණය ගෙවීම සිදු කළ බව මුදල් අමාත්‍යාංශය කියයි.

විපක්ෂයේ දේශපාලන ගැත්තන් ගේ වුවමනාව ට හා කොටි ඩයස්පෝරාවේ අනුග්‍රහය මත ශ්‍රී ලංකාව ගැන බොරු වාර්තා නිකුත් කරන ලෝක මූල්‍ය සමාගම් වලට මෙම ණය ගෙවීමෙන් පසු කට උත්තර නැතුව තිබේ .කොවිඩ් 19 වසංගත ය මධ්‍යයේත් මෙරට අපනයන අපේක්ෂිත මට්ටමට වර්ධනය කරගෙන මෙලෙස විදේශ ණය පියවීම විශාල ජයග්‍රහණයක් බව මුදල් අමාත්‍යාංශය කියයි.

Leave a reply: