මෛත්‍රීපාලගෙන් හෙළිදරව්වක්

විපක්ෂයේ සමහරු විවේචනය කරන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මෙරටට අවශ්‍ය වන්නේ ඇයිද යන කරුණ ගැන හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ළඟදීම විශේෂ හෙළිදරව්වක් කරනු ඇතැයි වාර්තා වෙයි .

අර්බුදකාරී 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය සම්මත කර ගැනුණේ ඔහුගේ මැදිහත් වීමෙනි .එහෙත් වසර හතරක් ඇවෑමෙන් ඔහු ප්‍රකාශ කළේ 19 වැනි සංශෝධනයෙන් රට මෙන්ම ආණ්ඩුව ද විනාශ වූ බවය .

එබැවින් ජනාධිපති ,අගමැති හා කතානායක යන තිදෙනා අතර බලකේන්ද්‍ර තුනක් නිර්මාණය කොට නිරන්තර ගැටුමකට මඟ පෑදූ 19 වැනි සංශෝධනයෙන් රටට සිදුවු හානිය කවරාකාරදැයි විස්තර කිරීම සඳහා මෛත්‍රීපාල සිරිසේන මහතා ළඟදීම මාධ්‍ය ප්‍රකාශයක් නිකුත් කරනු ඇතැයි වාර්තා වෙයි .යහපාලන රජය තුළ රනිල් -මෛත්‍රී ගැටුමට හේතු කාරණා වූ සිදුවීම් ගණනාවක් මෙහිදී විස්තර කිරීමට නියමිත බවත් කියැවෙයි.

Leave a reply: