මෛත්‍රීපාලගේ ඇමතිකම හබක් වෙයි ?

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට වත්මන් රජය විසින් ලබා දීමට නියමිතව තිබූ කැබිනට් අමාත්‍ය පදවිය අහිමි වීමට ඉඩ ඇතැයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.ඒ ඔහු තීරණාත්මක විසි වන ආණ්ඩක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට රජය සමග ඡන්දය ප්‍රකාශ නොකිරීම නිසාය.

වත්මන් රජයට නමට හේතු වි සිටින හිටපු ජනාධිපති සිරිසේන සෑම තීරණාත්මක මොහොතකදීම කුමන හෝ ව්‍යාජ හේතුවක් පෙන්වා රජයට සහාය දීමෙන් වැලකී සිටියි. මහ මැතිවරණයේදී සහ ජනාධිපතිවරණයේදී ඔහු පොහොට්ටුවේ වේදිකාවට නැග්ගේ නැත .ජනාධිපතිවරණයේදී නිර්පාක්ෂික වනවා යැයිකී මෛත්‍රීපාල සිරිසේන සජිත් ප්‍රේමදාසගේ ජනාධිපතිවරණ ජයග්‍රහණයෙන් පසු රට පුරා ඇලවීමට කැලණියේ මාධවී මුද්‍රණාලයෙන් පෝස්ටර් ලක්ෂ පහක් ද මුදුණය කර තිබූ බව රජය පසුව සොයා ගත්තේය.

එවන් අතීතයක් ඇති මෛත්‍රීපාල සිරිසේනගේ පක්ෂය මැතිවරණ වලදී වත්මන් රජයට සිය සහය ලබාදීම නිසා ලබන මාසයේදී කැබිනට් අමාත්‍ය පදවියක් ලබා දීමට නියමිතව තිබිණි. එය බොහෝවිට ප්‍රාදේශීය සංවර්ධනයට අදාළ විෂයයක් විය හැකිව තිබූ බව ද වාර්තා විය. එහෙත් විසි වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන ඡන්දයට නො පැමිණි ඔහුට ඉදිරියේ දී අමාත්‍ය පදවියක් හිමි නොවනු ඇතැයි වාර්තාවේ. මෛත්‍රීපාලට මෙම ඉරණම අත්පත් කර දීමට වැරදි උපදෙස් ලබා දෙන්නේ රජිත කීර්ති තෙන්නකෝන් මෛත්‍රී ගුණරත්න සුරේන් රාඝවන් ධම්ම දිසානායක සහ සමීර ද සිල්වා යන පින්වතුන් බවද තතුදත් ආරංචි මාර්ග ප්‍රකාශ කරයි.

එසේම මෛත්‍රීපාල සිරිසේන සභාපතිත්වය දරන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකත්වයෙන්ද ළඟදීම ඔහු ඉවත්වීමට හෝ ඉවත් කිරීමට නියමිත බව ශ්‍රීලනිප ආරංචි මාර්ග තහවුරු කරයි.මෛත්‍රී වෙනුවට නිමල් සිරිපාල ද සිල්වා මහින්ද අමරවීර හෝ හෝ දයාසිරි ජයසේකර යන තිදෙනාගෙන් කෙනෙකු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායක පදවියට පත්වීමට ඉඩ ඇති බවද සඳහන් වෙයි.ඒ සඳහා වත්මන් රජයේ ආශිර්වාදය ද හිමිව ඇතැයි වැඩිදුරටත් දැනගන්නට තිබේ.

Leave a reply: