ගෝඨාභය ගේ ඉදිරි ආණ්ඩුවේ කැබිනට්ටුවට අලුත් මුහුණු ගණනාවක් පාතාලයන්ගේ තෝම්බුවක් හදයි

මෛත්‍රීපාල ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ඉවත් වෙයි නායකත්වය ට දයාසිරිද? විමුක්තිද?

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නායකත්වයෙන් තමන් ඉවත්ව එහි අනුශාසක ධුරයක් බාර ගන්නා බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කලුතර දී ප්‍රකාශ කිරීමත් සමඟ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ අභ්‍යන්තරයේ නායකත්ව සටනක් ආරම්භ වී ඇතැයි වාර්තා වෙයි .දැනට පක්ෂයේ මහ ලේකම් ධුරය දරන දයාසිරි ජයසේකර මහතා පක්ෂ නායකත්ව සටනට අවශ්‍ය සහාය පක්ෂ ප්‍රධානීන් ගණනාවකගෙන් ඉල්ලා ඇත .

එසේම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නිර්මාතෘ එස්.ඩබ්.ආර්.ඩී බණ්ඩාරනායක මහතා ගේ මුණුබුරා වන විමුක්ති කුමාරණතුංග මහතා ට පක්ෂ නායකත්වය හිමිවිය යුතු බව එහි හිටපු නායිකා චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණතුංග මහත්මිය ප්‍රකාශ කර ඇතැයි පැවසේ .

චන්ද්‍රිකා සහ හිටපු ඇමැති මංගල සමරවීර පසුගිය දිනවල විමුක්ති මෙරට දේශපාලනයට ගැනීම සදහා තිරය පිටුපස සැලසුමක් සකස් කරමින් සිටිතැයි අප වෙබ් අඩවිය මෙයට පෙර මුල්වරට අවධාරණය කළේය .

කෙසේ වෙතත් දැනට චන්ද්‍රිකා කුමාරතුංග ට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තුළ වැඩි බලයක් නැත .ඒ නිසා පක්ෂ අභ්‍යන්තරයේ වැඩි සහාය දයාසිරි ජයසේකර වැනි තරුණයෙකු ට හිමිවීමේ ඉඩකඩක් පවතින බව දැනගන්නට ඇත .

කෙසේ වෙතත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මෙතෙක් සිටි ප්‍රබලයන් රැසක් දැන් පොහොට්ටුව ට එකතු වී හමාරය.හිටපු ජනාධිපති මෛත්‍රීපාල පවා නිල වශයෙන් පොහොට්ටුව ට එක් වී නැතත් වැඩි කලක් නොගොස් ඔහුද දෛවෝපගත ලෙස පොහොට්ටුව ට එක් වීමට ඉඩ ඇතැයි වාර්තා වෙයි .

Leave a reply: