ස්වාධීන කොමිෂන් සභා පක්ෂග්‍රාහී බව අල්ලස් දූෂණ කොමිසමෙන් ද තහවුරුවෙයි. ජනපතිට නඩු දමන්නට ගිය මංගලට සහ චම්පිකට ඇමරිකානු තානාපති ගෙන් හොඳ පිළිතුරක්.

මෛත්‍රීපාල සිරිසේන සජිත් සමඟ රහස් සාකච්ඡාවක .

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති ධූර අපේක්ෂකයා වූ සජිත් ප්‍රේමදාස සමග රහසිගත සාකච්ඡාවක් පවත්වා ඇතැයි වාර්තා වෙයි .මෙම සාකච්ඡාවේදී දෙදෙනා කතාබහ කර ඇත්තේ දෙපක්ෂය එක්ව අලුත් සන්ධානයක් ගොඩනැගීම සම්බන්ධවයි .ඉදිරි මහ මහමැතිවරණය ඉලක්ක කරගෙන මෙම සන්ධානය ගොඩනැගිය යුතු බව සජිත් ප්‍රේමදාස මෛත්‍රීපාල සිරිසේනට යෝජනා කර තිබේ.ගමන් මේ සඳහා එකඟ නමුත් පක්ෂයේ සෙසු ජේෂ්ඨ සාමාජිකයන් දැන් රජයට ඇතුළු වී තනතුරු දරණ බැවින් ඔවුන්ගේ එකඟතාව ලබා ගැනීමේ ඇති දුෂ්කරතාව මෛත්‍රීපාල විසින් සජිත්ට විස්තර කර දී ඇත .

එවිට මේ සඳහා මැදිහත් කරුවෙකු ලෙස ක්‍රියා කිරීමට හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියගේ නම යෝජනා කර ඇත්තේ සජිත් විසිනි .එහෙත් ඒ සඳහා මෛත්‍රීපාල සිරිසේන එකඟතාවය දක්වා නැත .එබැවින් මෙම සාකච්ඡාව ඵල රහිතව අවසන්වී තිබේ. මේ තොරතුරු හෙළිදරව් වූයේ සජිත් ප්‍රේමදාස විසින් තමන්ගේ හිතවත් එජාප මන්ත්‍රීන්ට ඒ බව ප්‍රකාශ කිරීම නිසාය.

Leave a reply: