මෛත්‍රී අමාරුවේ

පාස්කු ඉරිදා ප්‍රහාරය ගැන විමසන ජනාධිපති කොමිසමේ දැනට හෙළිදරව් වී ඇති සාක්ෂි අනුව හිටපු ජනාධිපති හා ආරක්ෂක ඇමැති මෛත්‍රීපාල සිරිසේන මහතා බලවත් අසීරු තත්ත්වයකට මුහුණ දී සිටී.ඔහුගේ පාලන කාලයේ ඔහු විසින්ම පත් කළ මෙම ජනාධිපති කොමිසම හමුවේ හිටපු ආරක්ෂක ලේකම්වරයා හා හිටපු පොලිස්පතිවරයාත් ,ජාතික බුද්ධි උපදේශකවරයාත් ලබා දුන් සාක්ෂි අනුව පාස්කු ප්‍රහාරය වළක්වා ගැනීමට ක්‍රියා නොකිරීමේ ප්‍රධාන වගකීම හිටපු ජනාධිපතිවරයා ට පැවරෙනු ඇතැයි කියවේ.

මේ අයට අමතරව අගරදගුරු හිමිපාණන් හිටපු ඇමැති රනිල් වික්‍රමසිංහ හා හිටපු ආරක්ෂක රාජ්‍ය ඇමැති රුවන් විජයවර්ධන ලබා දුන් මූලික ප්‍රකාශ වලින් ද තහවුරු කර ඇත්තේ හිටපු ජනාධිපති මෛත්‍රී වගකීම් පැහැර හැර ඇති බවය .ඔවුන් ද කොමිසම හමුවේ සාක්ෂියට කැඳවා ඇත .

මෙම ජනාධිපති කොමිසමේ සාක්ෂි විභාගය ලබන ඔක්තෝබරයේ හමාර කර නොවැම්බර් මාසයට පෙර එහි වාර්තාව ජනාධිපතිවරයා ට බාරදීමට නියමිතය .ඉන් අනතුරුව පාස්කු ප්‍රහාරය ට වගකිවයුත්තන් ට එරෙහිව නඩු පැවරෙන බව නීතිපති දෙපාර්තමේන්තු ආරංචි මාර්ග කියයි .

Leave a reply: