මෝල් හිමියන් ගේ හාල් මිල බස්සන්න ආණ්ඩුව සැරසෙයි

නත්තල් උත්සව සමයේ හාල් මිල ගණන් ඉතා ඉහළ මට්ටමක තබා ගනිමින් හාල් කිලෝවකින් රුපියල් 35කට අධික ලාභයක් ලබන දිවයිනේ ප්‍රධාන පෙලේ හාල් මෝල්කරුවන් 5දෙනෙකු පිළිබඳ රජය විශේෂ විමර්ශනයක් ආරම්භ කර ඇත .

පසුගිය දා රජයේ ප්‍රබලයන් ගණනාවක් ප්‍රධාන පෙලේ මෝල් හිමියන් අමතා ඉල්ලීමක් කළේ උත්සව සමයේදීවත් සාධාරණ ලාභයක් තබාගෙන සහල් අඩු මිලට ලබාදෙන හැටියටයි .එහෙත් ඩඩ්ලි සිරිසේන ඇතුළු දිවයිනේ ප්‍රධාන පෙලේ සහල් හිමියන් කිසිවෙකු එම ඉල්ලීමට අවනත වූයේ නැත.ඔවුන් සුපුරුදු ලෙස සහල් කිලෝවකින් රුපියල් 35කට අධික ලාභයක් ලබමින් ජනතාව පීඩාවට පත් කිරීම ගැන දැන් බොහෝ තොරතුරු හෙළිදරව් වී ඇත .

එබැවින් පවත්නා නීති ප්‍රමාණවත් නොවේ නම් නව රෙගුලාසි හෝ පනවා සාධාරණ මිලකට සහල් අලෙවි කිරීම රජයේ අරමුණයි .අප වෙත ලැබී තිබෙන වාර්තා අනුව මේ එක් හාල් මෝල් හිමියෙක් දිනකට සහල් ලොරි 30ත් 40ත් අතර ප්‍රමාණයක් වෙළෙඳ පොළට මුදා හරී.

Leave a reply: