ගෝඨාභය ගේ ඉදිරි ආණ්ඩුවේ කැබිනට්ටුවට අලුත් මුහුණු ගණනාවක් පාතාලයන්ගේ තෝම්බුවක් හදයි

යහපාලන ආණ්ඩුවේ කෝටි පනහේ වාසනාව උදාකර ගත්තේ රවිද සියඹලාද ?

ශ්‍රී ලංකාවේ සූර්ය බලාගාරයක් ඉදි කිරීමේ අවසරය ලබාදීමට රුපියල් කෝටි පනහක මුදලක් අල්ලසක් මෙරට ප්‍රධාන පෙළේ ව්‍යාපාරිකයෙකුගෙන් ලබාගත් ඇමැතිවරයා වන්නේ රවි කරුණානායක ද රංජිත් සියඹලාපිටිය ද යන්න තහවුරු කර ගැනීමට ආණ්ඩුව රහසිගත විමර්ශනයක් ආරම්භ කර තිබේ.

මේ ගැන මුලින්ම කරුණු හෙළිදරව් කළේ විදුලිබල මණ්ඩලයේ වත්මන් සභාපති විජිත හේරත් මහතාය.ඉන් පසු පාරිභෝගික අයිතීන් සුරැකීමේ සුරැකීමේ සංවිධානයේ සභාපති රංජිත් විතානගේ මාධ්‍යයට කීවේ මෙම අල්ලස ලබා ගත්තේ හිටපු විදුලිබල ඇමති ඇමැති රංජිත් සියඹලාපිටිය බවයි . එසේම තවත් පාර්ශව ගණනාවක් කියන්නේ මෙම චෝදනාවට රවි කරුණානායක හිටපු විදුලිබල අමාත්‍යවරයා වගකිවයුතුය කියායි.මෙම බරපතළ චෝදනාව ගැන විශේෂ ආරක්ෂක විමර්ශන කණ්ඩායමක් ලවා රජය දැන් විමර්ශනයක් ආරම්භ කර තිබේ.රවී කරුණානායක මෙන්ම රංජිත් සියඹලාපිටිය ද අදාළ කාලය තුළ විශාල ලෙස දේපළ ඉඩකඩම් මිලට ගෙන ඇති අතර තවත් දැවැන්ත ආයෝජන රැසක් සිදුකර තිබේ.ඒවා ගැන සාක්ෂි සෙවීම අදාළ විමර්ශන කණ්ඩායම දැනටමත් ආරම්භ කර ඇත. ඒ අතර මේ දෙදෙනාගෙන් එක් අමාත්‍යවරයකු ගැහැනු සොඬෙකු බවට ද බරපතළ චෝදනා නැගී තිබේ .

Leave a reply: