යහපාලන රජයේ ඇමති අටකගේ වංචා දූෂණ ඇතුලත් ලිපි ගොනු මහින්ද අතට .

යහපාලන ආණ්ඩුවේ ඇමැතිවරුන් අට දෙනෙකු විසින් පසුගිය කාලයේ සිදු කරන ලද මහා පරිමාණ වංචා දූෂණවල තොරතුරු ඇතුළත් ලිපිගොනු විසින් දෙකක් අරලියගහ මන්දිරයේ අග්‍රාමාත්‍යවරයාගේ නිල කාමරයේ තිබී වත්මන් අගමැති මහින්ද රාජපක්ෂ මහතාට හමුවී තිබේ.හිටපු අග්‍රාමාත්‍ය වරයා අරලියගහ මන්දිරයෙන් ඉවත්ව යද්දී මෙම ලිපි ගොනු රැගෙන ගොස් නැතැයි වාර්තා වේ .එජාපයේ ඇතැම් ජේෂ්ඨයන් පවසන්නේ රනිල් වික්‍රමසිංහ මහතා හිතාමතා ම මෙම ලිපිගොනු අතහැරදමා ගොස් ඇත්තේ මහින්ද රාජපක්ෂ මහතා සමග ඇතිකරගත් එකඟතාවක් නිසා බවයි .

රාජිත සේනාරත්න, චම්පික රණවක, සජිත් ප්‍රේමදාස, අජිත් පී පෙරේරා, කබීර් හෂීම්, හරීන් ප්‍රනාන්දු, පී හැරිසන්, මංගල සමරවීර යන අමාත්‍යවරුන් පසුගිය කාලයේ සිදු කරන ලද නීති විරෝධී කටයුතු සහ මහා පරිමාණ දූෂණ වංචා වලට අදාල තොරතුරු රාශියක් ලිපි ලේඛන ද සමඟ මෙසේ අතහැර දමාගොස් ගොස් තිබූ ලිපිගොනුවල ඇතුළත්ව ඇත .අගමැති රාජපක්ෂ මහතාට ලැබුණු මෙම ලිපිගොනු සම්බන්ධයෙන් ඉදිරියේදීජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ රජයේ අමාත්‍යවරුන් සමඟ සාකච්ඡා කොට මේවා ගැන පරීක්ෂණ පවත්වන ආකාරය අද හෙටම තීරණය කරනු ඇත .

Leave a reply:

Site Footer

Sliding Sidebar

Social Profiles

Facebook Page