යුද්ධයත් ගෝඨාභයගේය කොරෝනාවත් ගෝඨාභයගේය.

කොටි ත්‍රස්තවාදීන් සමඟ වූ ඊළාම් යුද්ධය ජයග්‍රහණය කරන බව කී විට ඊට සිනාසෙමින් සමච්චල් කරන උදවියම අද ගෝඨාභය රජය කොරෝනාවෙන් පරදින තෙක් බලා සිටී.ඔවුන් ප්‍රකාශ කරන්නේ මෙරටට කොරෝනාව ගෙනාවේ ගෝඨාභය පාලනය බවයි.එබැවින් කොරෝනාව හමුවේ ආණ්ඩුව ත් රටත් පරාජය වූවාට කම් නැතැයි මෙම කාලකන්නි සතුට භුක්ති විඳින්නෝ පවසති .බුද්ධෝත්පාද කාලයේ ත් මෙවන් නරුම අදහස් ඇති දෙව්දත් තෙරලා විසූහ .මෙවැනි අයට දෙසන්නට බණක් නැතැයි එදා බුදුන් වහන්සේ වදාළේ එබැවිනි .

දිනකට පැය 18 ක් 19 ක් වැඩ කරමින් ආරක්ෂක අංශ හා සෞඛ්‍ය අංශ සංවිධානය කරමින් සේවය කරන ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා ඒ සඳහා කිසිම ප්‍රචාරයක් ලබා ගන්නේ නැත .සැබෑ වැඩකරුවන් ප්‍රචාරක වාසිය නොතකා තමන්ගේ මෙහෙවර ඉටු කිරීමට ප්‍රමුඛත්වය දෙයි.එය ඔහුගේ වරදක්දැයි නොදනිමු .

එහෙත් ගෝඨාභය ගේ ක්‍රමය එයයි.පසුගිය අමාත්‍ය මණ්ඩල හමුවේදී කොරෝනාව ගැන අන්තර්ජාල විවේචන වලට පිළිතුරු දිය යුතු යැයි ඇමැතිවරු කී විට ඒ සඳහා මිඩංගු කරන කාලය රෝගය මර්දනය සඳහා යොදා ගනිමුයැයි ඔහු ඇමැතිවරුන් ට යෝජනා කළේය .යුද්ධය කාලයේ ඔහු ක්‍රියා කළේත් එසේය .

ආණ්ඩුව ජන්දයෙන් පරාජය කරන්න ට නොහැකි වුණු විපක්ෂයේ පණ්ඩිතයෝ කොරෝනාවෙන් රජය පරදින තෙක් ඇඟිලි ගනිමින් බලා සිටී .කොරෝනාවෙන් රට පරදිනවාය කියන්නේ තමනුත් පරදිනවාය යන්න ඔවුන්ට අමතක ය.ඒ නිසා මෙම නරුම චින්තනය ඇත්තන්ට නැණස පහළ වේවායි ප්‍රාර්ථනා කරමු

Leave a reply: