යුද්ධය ජය ගත් ලෙසම කොරෝනා රෝගය ජයගන්නා බවට ඇමැති ඩග්ලස්ගෙන් අනාවැකියක්

තිස් වසරක ත්‍රස්තවාදී යුද්ධය හමාර කළ ආකාරයටම ශ්‍රී ලංකාව කොරෝනා වසංගත මර්දන වැඩසටහනත් ජය ගනු ඇති බව ධීවර හා ජලජ සම්පත් අමාත්‍ය ඩග්ලස් දේවානන්ද මහතා මේ සතියේ කැබිනට් මණ්ඩලයේදී ප්‍රකාශ කළේය .

එදා යුද්ධය සිදු කළ කාලයේත් ප්‍රබල ජාතික සහ ජාත්‍යන්තර බලවේග කියා සිටියේ යුද්ධය කිසිදා ජයගත නොහැකි බවයි .

එහෙත් ත්‍රිවිධ හමුදාවල සහ පොලීසියේ කැපවීමෙන් සහ ශක්තිමත් දේශපාලන නායකත්වය නිසා යුද්ධය සාර්ථක ලෙස නිම කළේය .ඒ ආදර්ශය අනුව කොරෝනා වසංගතය ජය ගැනීමේ සටනද ලෝකය ට ආදර්ශයක් සපයමින් නිම කළ හැකියැයි අමාත්‍ය දේවානන්ද ප්‍රකාශ කළ විට අමාත්‍යවරුන් අත්පොළසන් දෙමින් සතුට පල කළ බව ද වාර්තා වේ .

ඒ අතර The Hindu පුවත්පතේ කොලඹ වාර්තාකාරිනි මීරා සිරිනිවාසන් සිය ට්විටර් ගිණුම හරහා ප්‍රකාශ කර තිබුණේ දකුණු ආසියාවේ හොදම කොරෝනා රෝග මර්දන වැඩසටහන ක්‍රියාත්මක වන්නේ ශ්‍රී ලංකාවේ බවය.

Leave a reply:

Site Footer

Sliding Sidebar

Social Profiles

Facebook Page