ගෝඨාභය ගේ ඉදිරි ආණ්ඩුවේ කැබිනට්ටුවට අලුත් මුහුණු ගණනාවක් පාතාලයන්ගේ තෝම්බුවක් හදයි

යූ.ඇන්.පියත් නැති කර ගත් චන්ද්‍රිකාගේ මහින්ද විරෝධය මතුවෙයි.

සිය පුත් විමුක්ති කුමාරණතුංග දේශපාලනයට ගෙන ඒම සඳහා මංගල සමරවීර සමඟ මේ දිනවල රහසිගත සැලසුමක් සකස් කරමින් සිටින හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මිය පසුගිය දා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට අපහාසාත්මක ලෙස කතා කිරීම ගැන පොහොට්ටුව පාක්ෂිකයෝ දැඩි විරෝධය දක්වති.

සිය 75 වැනි ජන්ම දිනය නිමිත්තෙන් අනුරාධපුරයේ පැවති පින්කමකින් පසුව ඊයේ දිනයේ මාධ්‍යට අදහස් දැක්වූ චන්ද්‍රිකා කීවේ අද සමහරුන් ඇවිද ගන්නටවත් බැරුව කොර ගසමින් ආණ්ඩුවේ ඉහළ තනතුරු දරන බවය.ජනාධිපතිකම් කළ තමන් පීචන් මන්ත්‍රීකමකට නොයන බව පැවසූ ඇය රාජ්‍ය නායකකම් කොට අගමැතිකම් කිරීමද හෙලා දැක්කේය .

දේශපාලනය කොට අත්තනගල්ල ප්‍රාදේශීය සභාවවත් දිනාගත නොහැකි චන්ද්‍රිකා යුද්ධයෙන් රට නිදහස් කර ගත් නායකයාට ප්‍රසිද්ධියේ අපහාස උපහාස කිරීම ගැන පොහොට්ටුවේ ජාතික සංවිධාන එකමුතුව විරෝධය දක්වා ඇත .අගමැති මහින්ද රාජපක්ෂ මහතා ගේ ආබාධ ගැන උපහාසයෙන් කතා කරන ඇය ජනාධිපති කාලයේ රෝද පුටුවෙන් පාර්ලිමේන්තු ගිය සිරිමාවෝ මැතිනිය අගමැති කළේ කෙසේදැයි ඔවුහු ප්‍රශ්න කරති.

බණ්ඩාරනායක මැතිනිය වැනි ගරු කටයුතු නායිකාවකට මහින්ද රාජපක්ෂ මහතා නිගරු නොකරන නමුත් බලය අහිමි වීමේ වියරුවෙන් අපහාසාත්මකව බැණ වදින චන්ද්‍රිකා මහත්මිය රට නිදහස් කළ නායකයාට කරන උපහාස ඇයටම පාරා වළල්ලක් වන දිනය වැඩි ඈතක නොවේයැයිද පවසති .

පසුගිය කාලයේ යූ.ඇන් .පිය සමඟ එක්ව සිටි චන්ද්‍රිකා දැන් යූ.ඇන්.පි යෙන්ද කැපී ගොසිනි .ඒ නිසා බොරු විරෝධයක් මගින් නම හදා ගන්නට තැන් කිරීම ඇයගේ උත්සාහයයි.

Leave a reply: