ස්වාධීන කොමිෂන් සභා පක්ෂග්‍රාහී බව අල්ලස් දූෂණ කොමිසමෙන් ද තහවුරුවෙයි. ජනපතිට නඩු දමන්නට ගිය මංගලට සහ චම්පිකට ඇමරිකානු තානාපති ගෙන් හොඳ පිළිතුරක්.

යූ .එන්.පි යේ නව සන්ධානය හදන්නටත් කලින් තනතුරු පොරයක්

එක්සත් ජාතික පක්ෂය සහ එහි හවුල්කාර පක්ෂ කිහිපයක් එකතු වී සකස් කරන්නට යනවා යැයි කියන නව සන්ධානයේ තනතුරු වලට සජිත් පිල හා රනිල් පිල පොර කන්නට පටන් ගෙන තිබේ. සජිත් පිල කියන්නේ සන්ධානයේ මහ ලේකම් තනතුර රන්ජිත් මද්දුම බණ්ඩාර ට පැවරිය යුතු බවයි. ඒ සදහා අකිල විරාජ් කාරියවසම් පත් කර ගැනීම රනිල් ගේ අදහසයි. එසේම සන්ධානයේ නායකත්වය සජිත් ට අවශ්‍ය බව සජිත් පිල කියයි. එහෙත් එ.ජා .ප නායකයා ලෙස සන්ධාන නායකත්වය ද හිමිවිය යුත්තේ රනිල් ට යැයි රනිල් හිතවාදීහු කියති.

මේ ආකාරයට අලුත් සන්ධානයේ ඉහළ තනතුරු සදහා සජිත් පිල හා රනිල් පිල ගුටි කෙළියක නිරත වෙද්දී එ.ජා .ප පෙරමුණේ සෙසු හවුල්කාර පක්ෂ සන්ධානයෙන් ගැලවී යන්නට පටන් ගෙන ඇත.

රිෂාඩ් බදුර්දීන් ,රවුෆ් හකීම් හා මනෝ ගනේශන් කණ්ඩායම් දැනටමත් මේ සම්බන්ධව සාකච්ඡා කරමින් සිටින බව වාර්තා වේ. මෙම අර්බුදකාරී තත්ත්වය නිසා එ.ජා පෙරමුණේ අලුත් සන්ධානය ආරම්භ කරන්නටත් පෙර අර්බුදයට ලක්වී ඇත. සන්ධානය හදා එහි මංගල රැලිය සජිත් සුළඟ නමින් නුගේගොඩ දී පැවැත්වීමට මුලින් සැලසුම් කර තිබුණි. නමුත් දැන් සජිත් සුළඟද අවලංගු කර දමා ඇත.

Leave a reply: