රජයට තිබෙන බාධා ඉවත් කර ගැනීමට ජනපතිවරයා නව ජනවරමක් ඉල්ලයි .

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 19 වැනි සංශෝධනය අනුව ඇති කරන ලද ඇතැම් ව්‍යවස්ථාපිත රාජ්‍ය ආයතන සහ කොමිෂන් සභාවලින් රජයේ සංවර්ධන ගමනට කිසිදු සහයෝගයක් නොලැබෙන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පැවසීය.ඔහු මේ බව ප්‍රකාශ කළේ ගිය බ්‍රහස්පතින්දා උදෑසන මෙරට මාධ්‍ය ආයතන ආයතන වල ප්‍රධානීන් හමුවූ අවස්ථාවේදී ය .

මෙහිදී රජයේ පොලිස් කොමිෂම සහ මැතිවරණ කොමිසම සම්බන්ධයෙන් අදහස් දැක්වූ ජනාධිපතිවරයා පොලිස් කොමිෂන් සභාවෙන් සිදුවන සේවාව ගැන විශේෂයෙන් සඳහන් කරනු ලැබීය .එසේම එම සේවාවඅතීතයේ සිදු කළ පරිදි පොලිස් දෙපාර්තමේන්තුවේ ප්‍රධානියා ලෙස පොලිස්පතිවරයාට ද පහසුවෙන් ම ඉටු කිරීමට හැකියාව තිබෙන බව ජනාධිපතිවරයාගේ මතය විය .

වැඩි දුරටත් මෙහිදී අදහස් දැක්වූ ජනාධිපතිවරයා ස්වාධීන මැතිවරණ කොමිෂන් සභාව මගින් මැතිවරණයේදී තමන් ලබාදුන් ප්‍රතිඥාවක් ඉටු කිරීම පිණිස උපාධිධාරීන්ට රැකියා පුහුණු අවස්ථාවක් සලසා දීම සම්බන්ධයෙන් විරෝධයක් මතු කර ඇතැයි කීය. ඒ ගැන මැතිවරණ කොමිසමේ සභාපතිවරයා සමග සාකච්ඡා කිරීමට අපේක්ෂා කරන්නේ යයි හෙතෙම අවධාරණය කළේ ය .ස්වාධීන යැයි කියාගන්නා මැතිවරණ කොමිසමේ එක්තරා සාමාජිකයෙක් පසුගිය ජනාධිපතිවරණය අවස්ථාවේදී මාධ්‍ය ඔස්සේ විවිධ ප්‍රකාශ නිකුත් කරන්නට යාම නිසා එහි ස්වාධීනත්වයට කිසියම් බාධාවක් එල්ල වූ බව තමන්ගේ මතය බව ද ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.මෙබඳු ආයතන සම්බන්ධව ඉදිරි ව්‍යවස්ථා සංශෝධනය අවස්ථාවේ කිසියම් තීරණයක් ගතයුතුව ඇතැයි ජනාධිපතිවරයා ප්‍රකාශ කළේ ය .

Leave a reply: