රජයේ මැති ඇමැති විරෝධය ඉවරයි 20 කැබිනට්ටුවට

20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ට එරෙහිව රජයේ මැති ඇමැති න් කණ්ඩායමකින් මතු වූ විරෝධතා සමනය කරගෙන එය කැබිනට්ටුවට ඉදිරිපත් කිරීමට රජය තීරණය කළේය .ඒ අනුව මෙම සංශෝධන යෝජනා අද කැබිනට්ටුවට ඉදිරිපත් කෙරිණි .අනතුරුව ලබන සතියේ පාර්ලිමේන්තුවේ සභාගත කිරීමට ද තීන්දු විය.

අගමැති මහින්ද රාජපක්ෂ මහතා විසින් ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් සමාලෝචනයට පත් කළ කමිටුව හා අගමැතිවරයා අතර හමුවේදී මෙම එකඟතාව හට ගැනුණි .

නව එකඟතා අනුව 20 වැනි සංශෝධනයෙන් ඉවත් කර තිබූ විගණන කොමිසම නැවත ඊට ඇතුළත් කෙරේ .කැබිනට් මණ්ඩලයේ සීමාව ඉවත් නොකොට තිස් දෙනෙකුගේ ප්‍රමාණයෙන්ම පවත්වා ගන්නටද තීන්දු විය.

අග්‍රාමාත්‍ය ලේකම් ධුරය වෙනස් කිරීමට කලින් කර තිබූ යෝජනාව ඉවත දැමුණි.රටේ ඒකීය භාවය තහවුරු කරන හත් වැනි උපලේඛනයේ දිවුරුම නැවතත් ස්ථාපිත කෙරිණි .ජාතික පොලිස් කොමිසමේ හා රාජ්‍ය සේවා කොමිසමේ සුලු සුලු ව්‍යුහාත්මක වෙනස්කම් සිදු කිරීමට නියමිතය .මේ හැර ද්විත්ව පුරවැසිකම සම්බන්ධයෙන් ද තීන්දුවක් ගැනුණි .ඒ අනුව රටේ ජනාධිපති ධුරය සඳහා ඉදිරිපත් වීම ද්විත්ව පුරවැසියන් ට තහනම් කෙරේ.

එහෙත් මන්ත්‍රීන් ට හා ඇමැතිවරුන් ට ද්විත්ව පුරවැසිභාවය බාධාවක් නොවන ලෙස නව වගන්තියක් ඇතුළත් වෙයි .ආණ්ඩුවේ ව්‍යවස්ථා සමාලෝචන කමිටුව හා අගමැතිවරයා මෙම යෝජනා සියල්ලට එකඟවීම හේතුවෙන් හැකි ඉක්මනින් ව්‍යවස්ථා සංශෝධනය මැති සභයේ සම්මත කර ගැනීම රජයේ අරමුණයි.

Leave a reply: