රජය ආනවිලුන්දාවේ සිංහරාජයේ පරිසර ප්‍රශ්නය විසඳයි

සිංහරාජ වනාන්තරය මැදින් මාර්ගයක් ඉදිකරන බවට එල්ල වූ චෝදනාව නිසා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පුද්ගලික ව එහි ගොස් එය නිරීක්ෂණය කළේය .ජනාධිපතිවරයා සිංහරාජ මායිමේ ගම්මානවලට පැමිණ ජනතාවගෙන් කරුණු විමසීය.

එම ජනතාවගේ එකම ඉල්ලීම වූයේ සිංහරාජ වනාන්තරය ට අයත් නොවන දකුණු මායිම දිගේ මෙතෙක් පැවති තාවකාලික මාර්ගය සංවර්ධනය කරන ලෙසයි.එයින් සිංහරාජයට කිසිදු හානියක් සිදු නොවන බවත් පරිසර සංවිධාන ඒ සම්බන්ධයෙන් එල්ල කරන චෝදනා සියල්ල අසත්‍ය බවත් ගම්වැසියෝ කීහ .

මෙයින් මහා පරිසර හානියක් සිදුවන බවත් ,රාජපක්ෂ පවුලට අයත් හෝටලය ක් සිංහරාජයේ ඇතැයිද කියමින් ජනතා විමුක්ති පෙරමුණට සම්බන්ධ පරිසර සංවිධානයක් චෝදනා නැගීය .දැන් ඊට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ගද ගෙන ඇත .එම පසුබිමේ ජනාධිපතිවරයා ප්‍රශ්නය ට මැදිහත් විය.

සිංහරාජය අවට ජනතාව කීවේ පරිසර සංවිධානවලට වඩා තම ජනතාව සිංහරාජය රැකීමට කැපවන බවයි.නව මාර්ගය ඉදි කළහොත් ලංකාගම සිට පැය හතරක් පහක් ගතකොට දෙනියාය නගරයට යාමට තිබෙන ගමන විනාඩි 45 න් සම්පූර්ණ කරගත හැකි බව කියමින් ජනතාව ජනාධිපතිවරයා ට මාර්ගය සංවර්ධනය කර දෙන ලෙස ආයාචනා කළහ .

ඒ අතර ජනාධිපතිවරයා ගේ උපදෙසින් පුත්තලම ආනවිලුන්දාව තෙක් බිම ඩෝසර් කළ තැනැත්තන් අත් අඩංගුවට ගත හැකි වේ.මේ පිටුපස සිටින ප්‍රදේශයේ දේශපාලඥයකුගේ සහෝදරයෙක් ද අත් අඩංගුවට ගැනීම ට පරීක්ෂණ ක්‍රියාත්මක ය.ආනවිලුන්දාව තෙත් බිමට මේ වන විට විශේෂ ආරක්ෂාවක් ද යොදා තිබේ .එසේම රජය පත් කළ විශේෂ කමිටුවක් මගින් සිදුවී ඇති හානිය ගැන අධ්‍යනය කර ඒ පිළිබඳව පූර්ණ වාර්තාව ක් ඉදිරි සතිය තුළ රජයට ලබා දීමට නියමිතය .

Leave a reply: