ගෝඨාභය ගේ ඉදිරි ආණ්ඩුවේ කැබිනට්ටුවට අලුත් මුහුණු ගණනාවක් පාතාලයන්ගේ තෝම්බුවක් හදයි

රටට හිතැති සුලු ජාතික නායකයන් මෙවර කැබිනට්ටුවට

වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් පසුගිය නොවැම්බරයේ පිහිටුවන ලද 15 දෙනෙකුගෙන් සමන්විත කුඩා කැබිනට්ටුව ස්ථාපිත කෙරුණේ මහ මැතිවරණය තෙක් පමණි .එම කැබිනට්ටුවට සුලු ජාතික නායකයන් ඇතුළත් නොවීම නිසා මෙරට දෙමළ මුස්ලිම් ජනයාගේ ජන්දය ඉල්ලා සිටින්නට පොහොට්ටුව ට අයිතියක් නැතැයි ඉමිතියාස් බාකිර් මාකර් වැනි සමගි ජනබලවේගයේ දේශපාලඥයන් ප්‍රකාශ කර තිබුණි .

එහෙත් එම තර්කය පදනම් විරහිත බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මාධ්‍ය ප්‍රකාශක කාර්‍යාලය කියයි.ලබන අගෝස්තු 11 වැනිදා පිහිටුවන නව අමාත්‍ය මණ්ඩලය තුළ රටට හිතැති සුලු ජාතික නායකයන් දෙදෙනකු වෙනුවෙන් තනතුරු වෙන්කර ඇතැයි අප වෙත වාර්තා වෙයි .මේ දෙදෙනාගෙන් කෙනෙක් ඉහළ පෙළේ නීති විශාරදයෙකි .ඔහු ජාතික ලැයිස්තුව නියෝජනය කරන අතර අනෙක් තැනැත්තා ජ්‍යෙෂ්ඨ වෘත්තිය දේශපාලඥයෙක් බව දැනගන්නට ඇත .මෙරට දෙමළ හා මුස්ලිම් ප්‍රජාවන් නියෝජනය ට මෙම පත්වීම් දෙක සිදු කෙරෙන බව ද සඳහන් ය.එසේම සුලු ජාතික දේශපාලඥයන් කිහිප දෙනෙක් වෙනුවෙන් කැබිනට් නොවන අමාත්‍ය ධුර දෙකක් වෙන්කර ඇති බව දැනගන්නට තිබේ .මේ නිසා පොහොට්ටුව ආණ්ඩුව තනිකර සිංහල ආණ්ඩුවක්‍ ය යන පදනම් විරහිත චෝදනාව බිඳ වැටෙන බව පොහොට්ටුව මාධ්‍ය අංශය ප්‍රකාශ කරයි.

Leave a reply: