ගෝඨාභය ගේ ඉදිරි ආණ්ඩුවේ කැබිනට්ටුවට අලුත් මුහුණු ගණනාවක් පාතාලයන්ගේ තෝම්බුවක් හදයි

රටේ පවුල් ගණනට වඩා සහනාධාර ඉල්ලුම් පත් ලැබිලා

ජන ලේඛන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුවේ තොරතුරු අනුව මෙරට පවුල් සංඛ්‍යාව හැටපන් ලක්ෂයකි.එහෙත් මෙරට කොරෝනා රෝගයෙන් විපතට පත් වූවන්ට සහන සැලසීම සදහා අයදුම්පත් කැදවූ අවස්ථාවේ අයදුම්පත් ලක්ෂ 72 ක් පමණ ලැබී ඇතැයි රජයේ වාර්තා පවසයි .මෙහිදී සිදුව ඇත්තේ පවුල් ඒකකයකින් අයදුම්පත් කිහිපයක් ඉදිරිපත් කිරීම බව මේ ගැන කරන ලද සොයා බැලීම් වලදී හෙළිදරව් වී ඇත .

කොරෝනා රෝගයෙන් හා ඇදිරි නීතියෙන් පීඩාවට පත් වූ තැනැත්තන් ට සහන සැලසීමේදී සමෘද්ධි ලාභින් ,රෝගී තැනැත්තන් ,වැඩිහිටියන් ,රැකියා අහිමි වූවන් ,ව්‍යාපාර කටයුතු අඩාල වූවන් ආදි පිරිස් හදුනාගෙන තිබේ .

එක් අයෙකුට රජයේ ශක්ති ප්‍රමාණය අනුව මසකට රුපියල් 5000 ක ආධාරයක් හිමිවේ.එහෙත් යට කී ලෙස නියමිත පවුල් සංඛ්‍යාව ට වඩා ආධාර ඉල්ලා ඉදිරිපත්ව ඇති අයදුම්පත් ප්‍රමාණය ඉහළ යාම නිසා ගැටලුවක් හටගෙන තිබේ .නමුත් රජය ආධාර සැපයීම අඛණ්ඩව කරගෙන යයි.

එසේ වුවද ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර දිසානායක මාධ්‍ය හමුවේ රජය ට දෝෂාරෝපණය කරමින් ,චෝදනා කරමින් රජය පීඩාවට පත් අයට දෙන රුපියල් 5000 සොච්චම් මුදලින් කළ හැකි කිසිවක් නොමැති බව පවසයි .එහෙත් රජය එම විවේචන වලට පිළිතුරු නොදී ස්වකීය සහන සැලසීමේ වැඩපිළිවෙළ අඛණ්ඩව ම පවත්වා ගෙන යාමට තීන්දු කර ඇත .

Leave a reply: