ගෝඨාභය ගේ ඉදිරි ආණ්ඩුවේ කැබිනට්ටුවට අලුත් මුහුණු ගණනාවක් පාතාලයන්ගේ තෝම්බුවක් හදයි

රට පාවා දෙන ජිනීවා යෝජනාවෙන් ඉවත් වීමට රජයෙන් අභීත තීරණයක් .

ශ්‍රී ලංකා රජයේ ආරක්ෂක අංශ මෙන්ම රාජ්‍ය ප්‍රතිපත්තිය කණපිට හැරවීම සඳහා බටහිර බලවේග විසින් ඉදිරිපත් කර තිබෙන ජිනීවා මානව හිමිකම් සමුළුව යෝජනා දෙකකට අනුග්‍රහය දැක්වීමෙන් ඉවත් වීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රමුඛ රජය තීන්දු කළේය .

ඊයේ ජනාධිපති කාර්යාලයේ පැවති රජයේ පක්ෂ නායකයන් ගේ හා රජයේ ඉහළ පෙළේ නිලධාරීන් ගේ විශේෂ රැස්වීමකදී මෙම ගිවිසුම් වලින් ඉවත් වීමේ තීන්දුව ගනු ලැබීය .සුප්‍රකට 30 එක එක සහ 40 එක යන නම් වලින් හැඳින්වෙන මෙම යෝජනා 2 සඳහා අනුග්‍රහය දැක්වීමටත් තීන්දු කළේ රනිල් වික්‍රමසිංහ ප්‍රමුඛ යහපාලන ආණ්ඩුවයි.

මෙම යෝජනා දෙක මඟින් මගින් පසු ගියරජය මූලික වශයෙන් අදහස් කළේ උතුරේ මානුෂික මෙහෙයුම අවසන් භාගයේ සිදු වූයේයැයි කියන යම් යම් ක්‍රියා පිළිබඳව පිළිබඳව යුද යුධ අපරාධ විනිශ්චය මණ්ඩලය පිහිටුවා නඩු විභාග කොට රණවිරුවන්ට දඬුවම් කිරීමයි .එසේම විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කිරීම සහ අතුරුදහන වූවන් සම්බන්ධව කාර්යාලයක් පිහිටුවා යුද්ධයේ දී අතුරුදන් වූවායැයි කියන උතුරේ තැනැත්තන් වෙනුවෙන් වන්දි ගෙවීම මෙම යෝජනාවේ සෙසු අරමුණු අතර විය .

ජිනීවා සමුළු යෝජනාව වත්මන් රජයේ ප්‍රතිපත්තියට ඉඳුරාම පටහැනි බැවින් ජනාධිපතිවරයා විසින් මෙම යෝජනාවලින් ඉවත්වීමට සුදුසු කාලය එළඹ ඇතැයි රජයට යෝජනා කර තිබිණ.ඒ අනුව රජයේ හවුල්කාර පක්ෂ ප්‍රධානීන් සහ විදේශ අමාත්‍යාංශයේ බලධරයන් සමග මේ පිළිබඳව තීන්දුවකට එළඹීමෙන් පසුව රජයේ එම තීරණය ලබන සතියේ ජිනීවා මානව හිමිකම් සමුළුවට ඉදිරිපත් කිරීමටවිදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ජිනීවා නුවරට යාමට නියමිතය.ඊට පෙර රජයේ තීරණය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමටද අදහස් කරන බව ජනාධිපති කාර්යාලය පවසයි.

Leave a reply: