රන්ජන් අමාරුවේ දැම්ම ලොක්කා කවුද ?

අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවට වසර හතරක බරපතළ සිර දඬුවම් හිමි වූ රන්ජන් රාමනායක ට පැය කිහිපයක් තුළ මන්ත්‍රීකම ඇතුළු සියල්ල අහිමි විය.දැන් ඔහු හිරේය.එහෙත් ඔහුට සිරගත වෙන්නට පාර කැපූ ,එම ප්‍රකාශය කරන්නට මඟ පෙන්වූ තැනැත්තා රන්ජන් වෙනුවෙන් ප්‍රකාශයක් හෝ නිකුත් කළේ නැත .ඒ ඔහුගේ හැටිය.

2017 අගෝස්තු 21 දා රන්ජන් අරලියගහ මැඳුරේදී එවකට සිටි අග්‍රාමාත්‍යවරයා හමු වී එන ගමන් අධිකරණය ට අපහාස වන ප්‍රකාශය සිදු කළේය .මේ සියල්ලට උඩ ගෙඩි දුන් එක් පුද්ගලයෙකි.

රන්ජන් ට සිර දඬුවම් හිමි වූ අවස්ථාවේ තමන් සමග සිටි නීතිඥයෙකු ගේ දුරකථනයෙන් රන්ජන් තමන්ට අත් වූ ඉරණම ගැන රන්ජන්ට එදා උපදෙස් දුන් තැනැත්තාට දැනුම් දෙනු ලැබීය .ඊට රන්ජන් ට ලැබුණු ප්‍රතිචාරය ඉතාම උදාසීන වූවකි.රන්ජන් බෙහෙවින් දුකට පත්ව දුරකථනය තැබීය .ඉන්පසු රන්ජන් හිරගෙදර ට ගියේය .උපදේශකයා කොළඹ 7 සුවෙන් සිටී.

මේ උපදේශකයා දේශපාලනඥයන් සහ දේශපාලන පක්ෂ ඇති කිරීමට වඩා නැති කිරීමට නම් දැරූවෙකි.නමින් ඔහු වික්‍රම -සිංහයෙකි.නමේ ඉතිරි කොටස සිතා ගැනීම ඔබට භාරය.

Leave a reply: