ගෝඨාභය ගේ ඉදිරි ආණ්ඩුවේ කැබිනට්ටුවට අලුත් මුහුණු ගණනාවක් පාතාලයන්ගේ තෝම්බුවක් හදයි

රන්ජන් රාමනායකගේ හතරවරම් වැඩ හෙළිවෙයි .

සමාජ සාධාරණත්වයේ නිර්මාතෘ වූවෙකු ලෙස පසුගිය කාලයේ පෙනී සිටින ලද පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක අත්අඩංගුවට ගැනීමේ සැබෑ හේතුව හෙළි දරව් වෙමින් තිබේ .

මුලින් ප්‍රකාශ වූ ආකාරයට අසභ්‍ය වීඩියෝ තැටි අනවසර ගිනි අවි ආදී චෝදනා ගැන ඇත්තේ සරල සඳහනක් පමණි .එහෙත් ආරක්ෂක අංශ විසින් රන්ජන් රාමනායකගේ නිවසින් සොයා ගත්තේ ඊට වඩා බරපතළ දරුණු ගණයේ දුරකථන සංවාද ඇතුලත් ඇතුළත් හඬ පට රාශියකි .

වඩාත් බරපතලම කාරණය වන්නේ පසුගිය රජය කාලයේ සිදු වූ සිදුවූ ඇතැම් නීති විරෝධී සිරගත කිරීම් වලට අදාළව අදාලව රහස් පොලිසියේ එකල අධ්‍යක්ෂවරයාව සිටි ශානි අබේසේකර සමඟ රන්ජන් රාමනායක කරන ලද දුරකතන සංවාදය .ඊට අමතරව ශානි අබේසේකර වත්මන් රජය මගින් ගාල්ල මාරු කිරීමෙන් අනතුරුව රජයට එරෙහිව රංජන් හා ශානි පවත්වන ලද දුරකතන සංවාද ගණනාවක හඬ පට ද එම හඬ පට තොගය අතර තිබූ බව ආරක්ෂක අංශ පවසයි . එය බරපතළ ගණයේ අපරාධ මෙය වරදකට අදාල චෝදනාවකි .මේ හැර විවිධ පුද්ගලයන් ගෙන් මුදල් ලබා ගැනීම සඳහා කරන ලද තර්ජනය සහිත හඬ පට ගණනාවක් ද වන බව පොලීසිය කියයි .ඇතැම් අවස්ථා වල විනිශ්චයකාරවරුන් සමග කළබව කියන දුරකථන සංවාද ද එහි වන බව සිංහලේ සංවිධානය මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් විශේෂ හෙළිදරව්වක් කර ඇත .මෙලෙස විවිධ තොරතුරු ඇතුළත් හඬ පට ලක්ෂයකට ආසන්න සංඛ්‍යාවක් රන්ජන් ගේ නිවසින් පොලිස් අත්අඩංගුවට ගෙන ඇති අතර දැනටමත් ඒවාට සවන් දීමේ කාර්යය සඳහා විශේෂඥ නිලධාරීන් පිරිසක් පත් කොට ඇති බව පොලිසිය ප්‍රකාශ කළේ ය .

මෙබඳු බරපතළ වැරදි රාශියකට චූදිතයෙකු වන රන්ජන් රාමනායක අත්අඩංගුවට ගැනීමෙන් පසු එක්සත් ජාතික පක්ෂය විසින් ඔහු ජාතික වීරයකු කිරීම සඳහා ලද බොළඳ ප්‍රයත්නයක නිරත වෙමින් සිටී .දැනටමත් ඔහුට එරෙහි ව අධිකරණයට අපහාස කිරීම සම්බන්ධව නඩු ගණනාවක් විභාග වෙමින් තිබේ .පසුගිය ජනාධිපතිවරණයට පෙර අවස්ථා රාශියක දී ඔහු බෞද්ධ භික්ෂූන් වහන්සේලාට අපහාස උපහාස කිරීම සම්බන්ධයෙන් ද උන්වහන්සේලාට එරෙහිව අභූත චෝදනා නැඟීමෙන් ද සමාජයේ බරපතළ අප්‍රසාදයට ලක් වූවෙකි .එක්සත් ජාතික පක්ෂය ජනාධිපතිවරණයෙන් අන්ත පරාජයක් ලැබීමට රන්ජන් රාමනායකගේ මෙම ක්‍රියාවලිය ද දැඩි ලෙස බලපෑ බව පක්ෂ ජේෂ්ඨයන්ගේ මතයයි .

Leave a reply: