විපක්ෂය ට හොඳ පන්දුවක් හසුවී තිබේ .ඒ රන්ජන් රාමනායක ගේ නඩුවයි.රන්ජන් හිරේ ගියේ මේ ආණ්ඩුව නිසා බවට ඇඟවීමට හරීන් ප්‍රනාන්දුලා කළු පාට සාටක පලදින්නත් පටන් ගෙන තිබේ .එහෙත් ඇත්ත එය නොවේ.මෙන්න ඇත්ත .
රන්ජන් අධිකරණයට අපහාස කළේ 2017 වසරේය.ඔහුට එරෙහිව මේ අපහාස නඩු සියල්ල පැවරුවේ ගෝඨාභය රජය නොවේ.ඔවුන්ගේම යහපාලන රජයයි.එම නඩු විභාගය සිදු කළ ගරු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුතුමන්ලා පත් වූයේ ද ඒ රජය කාලයේ ය.ඒ නඩුව මෙහෙය වූයේ ඔවුන්ගේ රජයම පත් කළ නීතිපතිවරයාය.මෙය කවුරුත් අමතක කළ සත්‍යයි.මේ රජය යටතේ සිදු වූයේ නඩු තීන්දුව දීම පමණි .
වැඩේ වරද්දා ගත්තේ කටට බ්රේක් නැති රන්ජන්ය.ඔහු නඩු විභාගයට ගොස් උසාවියෙන් තමන් කළ ප්‍රකාශයට සමාව ඉල්ලා පාරට බැස මාධ්‍ය හමුවේ දහවරක් නැවත උසාවිය ට බැන්නේය.ලංකාවේ හොඳ ට හෝ නරකට ඇති නීතිය හමුවේ එය වරදකි.එස් .බී දිසානායකද වරක් හිරේ ගියේ මෙබඳු කතාවක් නිසාය .
එබැවින් රට නොමඟ යැවීමට වලිග පාගාගෙන මැති සබයේ බෙරිහන් දීම නිශ්පල කටයුත්තකි.රටේ ජනතාව ඇත්ත සහ යුක්තිය හඳුනති.විපක්ෂය හොට පටලවා ගෙන කාඩ්බෝඩ් වීරයන් බිහි කිරීමේ ව්‍යාපෘතියකට අත ගසා තිබේ .