රන්ජන් රාමනායක ගේ හඩපටි ගැන සෙවීමට ජනාධිපති කොමිසම ක්

හිටපු නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක විසින් සිදු කරන ලදැයි කියන ආන්දෝලනාත්මක දුරකතන සංවාද සම්බන්ධව නීතිමය විමර්ශනයක් කිරීම සදහා ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවක් පත් කිරීමට රජය තීරණය කළේය .පසුගිය අගහරුවාදා අරලියගහ මන්දිරයේ දී රැස්වූ ආණ්ඩුවේ පාර්ලිමේන්තු කණ්ඩායම මෙම තීරණය ගත් බව වාර්තා වේ .

ස්ථාපිත කරන ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව හිටපු ශ්‍රේෂ්ඨාධිකරණ විනිශ්චයකාරවරයෙකු ගේ ප්‍රධානත්වයෙන් පත් කෙරෙනු ඇත .ඒ සදහා මීළඟ අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබා ගනු ඇතැයි රජයේ ආරංචි මාර්ග කියයි .අප වෙත වාර්තා වෙන ආකාරයට රන්ජන් රාමනායක හිටපු අමාත්‍යවරයා සතුව තිබී අත් අඩංගුවට ගත් හඩ පටවල දුරකතන සංවාද එක් ලක්ෂ විසි එක් දහසක් පමණ තිබී ඇත .අධිකරණ විනිසුරුවරුන් ,පොලීසියේ ප්‍රබල නිලධාරීන් ඇතුළු බොහෝ වගකිවයුත්තන්ට රන්ජන් විසින් අර්බුදකාරී නඩු සම්බන්ධව දුන් ඇමතුම් එහි ඇතුළත්ය .

රජයේ රස පරීක්ෂකවරයා ලවා මෙම දුරකතන සංවාදවල ඇති හඩ පටවල් සම්බන්ධව මූලික පරීක්ෂණයක් කිරීමටත් ඉන් අනතුරුව රස පරීක්ෂක සහතිකය සහිත අදාළ හඩපට ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවට යොමු කිරීමටත් කටයුතු කෙරේ .

Leave a reply:

Site Footer

Sliding Sidebar

Social Profiles

Facebook Page