රන්ජන් රාමනායක ගේ හඩපට වැඩේ පැවති එ.ජා .ප ආණ්ඩුවේ පොදු වැඩක්

රන්ජන් රාමනායක පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා විසින් ක්‍රියාත්මක කරන ලද රටේ ප්‍රභූවරුන් බ්ලැක් මේල් කිරීමේ ව්‍යාපෘතිය එ.ජා .ප යේ ප්‍රබල නායකයන් ගේ අනුග්‍රහයෙන් ක්‍රියාත්මක වී ඇති බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ප්‍රකාශ කරයි .මේ සම්බන්ධයෙන් අදහස් ජනාධිපතිවරයා ට හා අගමැතිවරයා ට දන්වා ඇති රජයේ මැති ඇමැතිවරුන් කිහිප දෙනෙක්ම එකල පැවති විපක්ෂය මර්දනය කිරීමට රනිල් වික්‍රමසිංහ ආණ්ඩුව රන්ජන් රාමනායක බලල් අතක් සේ උපයෝගී කර ගත් බව සදහන් කර ඇත .

අධිකරණ විනිශ්චයකාරවරුන් ,ප්‍රභූ දේශපාලනඥයින් ,කලාකරුවන් ඇතුළු විවිධ ක්ශේත්‍ර වල ප්‍රකට චරිතවලට දුරකතනයෙන් අමතා බලපෑම් කිරීම මගින් එ.ජා .ප යේ බල දේශපාලන අරමුණු ඉටු කර ගැනීමට රන්ජන් රාමනායක හිටපු රාජ්‍ය අමාත්‍යවරයා පක්ෂ ප්‍රබලයන් විසින් උපයෝගී කර ගෙන තිබේ .ඔහු විසින් මහ බැංකු බැදුම්කර වංචාවට අදාළ තැනැත්තන් ගේ දුරකතන ඇමතුම් පවා සටහන් කර ඇති බැවින් රන්ජන් ට එරෙහිව පියවර ගත නොහැකිව එ .ජා .ප නායකයෝ අන්දමන්ද වී සිටිති .එම නිසා රන්ජන් ගේ හඩපට ප්‍රචාරය වීම වැළැක්වීමට ආණ්ඩුවේ ප්‍රබලයන් වෙත එ .ජා .ප ලොක්කන් ආයාචනා කරන්නට පටන් ගෙන ඇතැයි වැඩිදුරටත් වාර්තා වේ .

Leave a reply:

Site Footer

Sliding Sidebar

Social Profiles

Facebook Page