ස්වාධීන කොමිෂන් සභා පක්ෂග්‍රාහී බව අල්ලස් දූෂණ කොමිසමෙන් ද තහවුරුවෙයි. ජනපතිට නඩු දමන්නට ගිය මංගලට සහ චම්පිකට ඇමරිකානු තානාපති ගෙන් හොඳ පිළිතුරක්.

රන්ජන් රාමනායක ගේ හඩ පටවලින් බැදුම්කර වංචාවේ තොරතුරු එළියට

ආන්දෝලනයට ලක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක ගේ හඩ පටවල මහ බැංකු බැදුම්කර වංචාවේ ප්‍රධාන චූදිතයන් හා සැකකරුවන් වන අයගේ දුරකතන සංවාද ගණනක් ඇතුළත් වන බව වාර්තා වේ.

පොලිස් ආරංචි මාර්ග ප්‍රකාශ කරන ආකාරයට හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් ,හිටපු මුදල් ඇමැතිවරුන් රවි කරුණානායක ,පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමේ ප්‍රධානියකු වූ කසුන් පලිසේන අමාත්‍යවරුන් වූ මලික් සමරවික්‍රම ,කබීර් හෂිම් ,අජිත් පී පෙරේරා ,සුජීව සේනසිංහ යන අයගේ දුරකතන සංවාද මෙම හඩ පටවල ඇති බව වාර්තා වේ .මහ බැංකු බැදුම්කර වංචාව සිදු කළ ආකාරය එයින් ලැබූ ප්‍රතිලාභ මෙන්ම යට කී මැති ඇමැතිවරුන් එම ප්‍රතිලාභ ලබා ගැනීමට කරන ලද කතා බහ මෙමගින් සාක්ෂි සහිතව ඔප්පු වන බව ආරක්ෂක අංශ වැඩිදුරටත් කියයි.

තහවුරු නොකළ ආරංචි මාර්ග ප්‍රකාශ කරන්නේ හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ සහ ඇමැති මලික් සමරවික්‍රම ගේ ඉතාම රහසිගත ගනුදෙනු ගණනාවක් ගැන මෙම සංවාද වලින් හෙළිදරව් වන බවයි.

මහ බැංකු බැදුම්කර වංචාවේ දැනට හෙළි වී ඇති ආකාරයට ගණනය කොට ඇති අලාභය රුපියල් කෝටි එකොළොස් දහසකි.එහෙත් මෙරට ප්‍රධාන පෙළේ ගිණුම්කරණ සමාගම් සහ විගණන ආයතන ගණනාවක් ප්‍රකාශ කර තිබුණේ මහ බැංකු බැදුම්කර වංචාවෙන් රජයට වසර දෙකක් තුළ රුපියල් කෝටි හැට දහසක ශුද්ධ අලාභයක් සිදු වූ බවය.

Leave a reply: