ගෝඨාභය ගේ ඉදිරි ආණ්ඩුවේ කැබිනට්ටුවට අලුත් මුහුණු ගණනාවක් පාතාලයන්ගේ තෝම්බුවක් හදයි

රන්ජන් රාමනායක රාජපක්ෂ ආණ්ඩුවේ හිතවතුන් සිරගත කිරීමට කළ කූට කුමන්ත්‍රණය හෙළි වේ

එ .ජා .ප පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක පසුගිය රජය කාලයේ ඊට පෙර පැවති ආණ්ඩුවේ මැති ඇමැතිවරුන් සිරගත කිරීමට සහ නඩු පැවරීමට සැලසුම් කළ ආකාරය ඇතුළත් හඩ පට රැසක් හෙළිදරව් වී ඇත .

එම හඩපට වලට අනුව ගෝඨාභය රාජපක්ෂ ,නාමල් රාජපක්ෂ ,යෝෂිත රාජපක්ෂ ,ශිරන්ති රාජපක්ෂ මෙන්ම හිටපු මැති ඇමැතිවරුන් වන බැසිල් රාජපක්ෂ ,මහින්දානන්ද අලුත්ගමගේ ,උදය ගම්මන්පිල ,ජොන්ස්ටන් ප්‍රනාන්දු ,සනත් නිශාන්ත, විමල් වීරවංශ සහ රංජිත් සොයිසා යන මහත්වරුන් බන්ධනාගාර ගත කිරීමට ක්‍රියා කළ ආකාරය ඔහුගේ හඩ පට වලින් අනාවරණය වී ඇත .එම හඩ පට එක් ලක්ෂ විසි දහසක් දැනට සී.අයි.ඩී භාරයේ තිබේ .ඒවා ඉදිරි සතියේ අධිකරණය ට ඉදිරිපත් කොට නඩු පැවරීමට නියමිතය .

Leave a reply: