ස්වාධීන කොමිෂන් සභා පක්ෂග්‍රාහී බව අල්ලස් දූෂණ කොමිසමෙන් ද තහවුරුවෙයි. ජනපතිට නඩු දමන්නට ගිය මංගලට සහ චම්පිකට ඇමරිකානු තානාපති ගෙන් හොඳ පිළිතුරක්.

රනිල්ගේ කනින් රිංගා සජිත් පිල නව සන්ධානය ලියාපදිංචි කරයි

එ.ජා .ප යේ නායකත්ව බල පොරය උග්‍ර කරමින් සජිත් ප්‍රේමදාස ඇතුළු මන්ත්‍රී කණ්ඩායම පසුගිය බ්‍රහස්පතින්දා ඔවුන් විසින් පිහිටුවන්නට යන නව දේශපාලන සන්ධානය හොර රහසේම ලියාපදිංචි කර ඇතැයි මැතිවරණ දෙපාර්තමේන්තු ආරංචි මාර්ග පවසයි.

එහි නායකයා ලෙස සජිත් ප්‍රේමදාසත් ලේකම්වරයා ලෙස රංජිත් මද්දුම බණ්ඩාර ගේ නමත් ඇතුළත් කර තිබේ . සෙසු කිසිදු තනතුරක් සම්බන්ධව ලියාපදිංචි ලේඛන යේ සදහන් නොවෙතත් එහි සාමාජිකයන් වන්නේ එ.ජා .ප යේ මන්ත්‍රීන් හා හවුල්කාර පක්ෂ වල මන්ත්‍රීන් බව දැනගන්නට තිබේ .පසුගිය දා එ .ජා .ප ය ප්‍රතික්ෂේප කරමින් සිටි අර්බුදකාරී චරිතයක් වන රිෂාඩ් බදුර්දීන් සජිත් ගේ සන්ධානයේ ප්‍රබලයෙකු බව වාර්තා වේ .ඉදිරි මහ මැතිවරණයට රනිල් වික්‍රමසිංහ ගේ පාලනයෙන් තොරව තරග කිරීමට මෙම සන්ධානය අපේක්ෂා කරන බව සජිත් පිල පවසයි .

Leave a reply: