රනිල් සජිත්ට තවත් ගේමක් අටවයි

එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය සහ විපක්ෂ නායකත්වය සජිත් ප්‍රේමදාස මහතාට පවරන ලෙස එක්සත් ජාතික පෙරමුණේ නායකයන් ලවා සජිත් රනිල්ට බලපෑම් කරන්නට පටන් ගෙන තිබේ. එසේම තමන් මේ ප්‍රශ්න සම්බන්ධව රනිල් වික්‍රමසිංහ සමඟ කිසිදු සාකච්ඡාවකට සූදානම් නැති බව ද බව ද සජිත් ප්‍රේමදාස කියා ඇත.

එක්සත් ජාතික පෙරමුණේ නායකයන් සහ රනිල් වික්‍රමසිංහ අතර මේ සම්බන්ධව සාකච්ඡා වට කිහිපයක් පැවැත්වී තිබේ. එක්සත් ජාතික පෙරමුණේ සිටින ආවේගශීලී ප්‍රකාශකයෙකු වන මනෝ ගනේෂන් නැමති හිටපු ඇමතිවරයා තමන්ගේ ට්විටර් ගිණුම හරහා ප්‍රකාශ කරමින් සඳහන් කළේ රනිල් වික්‍රමසිංහ සජිත් ප්‍රේමදාසට විපක්ෂ නායකත්වය සහ පක්ෂ නායකත්වය පැවරීමට එකඟ වූ බවයි. එහෙත් එය සම්පූර්ණ අසත්‍යක් බව රනිල් පාර්ශවය පවසයි. ඔවුන් ප්‍රකාශ කරන්නේ ඉදිරියේදී එන මහ මැතිවරණය සජිත් ප්‍රේමදාස විසින් ජයග්‍රහණය කර පෙන්වුවහොත් පමණක් රනිල් වික්‍රමසිංහ මහතා විපක්ෂ නායක ධුරය සහ පක්ෂ නායකත්වය යන තනතුරු දෙකම සජිත් පැවරීමට තීන්දු කළ බවකි. මෙය බරපතල අභියෝගයක් මෙන්ම බරපතළ මරාලයක් බව දැනගත් සජිත් ප්‍රේමදාස රනිල්ගේ යෝජනාවට පිළිතුරු නොදී නැවතත් යාල වනෝද්‍යානයේ වන සතුන් නැරඹීමට යාමට සූදානම් වන බව ඔහුට සමීප ආරංචි මාර්ග කියයි.

Leave a reply:

Site Footer

Sliding Sidebar

Social Profiles

Facebook Page