ස්වාධීන කොමිෂන් සභා පක්ෂග්‍රාහී බව අල්ලස් දූෂණ කොමිසමෙන් ද තහවුරුවෙයි. ජනපතිට නඩු දමන්නට ගිය මංගලට සහ චම්පිකට ඇමරිකානු තානාපති ගෙන් හොඳ පිළිතුරක්.

රනිල් සජිත් හමුව සිදු නොවන හැඩ .

එක්සත් ජාතික පක්ෂයේ පවත්නා අර්බුදකාරී තත්ත්වය සමනය කර ගැනීම සඳහා පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා සහ ජනාධිපති ධූර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා අතර හමුවක් සංවිධානය කිරීමට පක්ෂ ජ්‍යෙෂ්ඨයෝ ගත් උත්සාහය මෙතෙක් සාර්ථක වී නැත .

ඊට හේතු වී ඇත්තේ පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා වූ සජිත් ප්‍රේමදාස පක්ෂ නායකයා මුණ ගැසීමට දිගින් දිගටම අකමැත්ත පළ කිරීම නිසාය .ඒ සම්බන්ධයෙන් අදහස් දක්වන සජිත් ප්‍රේමදාස ප්‍රකාශ කර තිබුණේ පක්ෂ නායකයා මුණගැසීමට පෙර ඔහුගේ ස්ථාවරය ඔහු විසින් වෙනස් කළ යුතු බවයි .එහෙත් රනිල් වික්‍රමසිංහ මහතා කියා තිබුනේ මහ මැතිවරණය දක්වා පක්ෂයේ නායකත්වය තමන් විසින් දරන බවත් විපක්ෂ නායක ධුරය දැනටමත් සජිත්ට පිරිනමා ඇති බවත්ය. ඉදිරි මහ මැතිවරණය මෙහෙයවීමේ අගමැති අපේක්ෂක වගකීමද සජිත් ප්‍රේමදාස මහතාට පැවරීමට තමන් සූදානම් බව රනිල් වික්‍රමසිංහ කියා ඇත .එහෙත් සජිත් හිතවාදී කණ්ඩායම රනිල්ගේ පොරොන්දු විශ්වාස නොකිරීම නිසා මෙම අර්බුදකාරී තත්ත්වය සමථයකට පත්වීම දිනෙන් දින කල් යමින් තිබේ .

කෙසේ වුවද මෙම සතියේ රනිල් සහ සජිත් අතර දුරකතන සංවාදයක් සිදුවී ඇත. එමෙන්ම බ්‍රහස්පතින්දා පැවැත්වෙන පක්ෂ මන්ත්‍රී කණ්ඩායම් හමුවට සජිත් ප්‍රේමදාස පැමිණි අවස්ථාවේදී රනිල් වික්‍රමසිංහ සහ සජිත් අතර හමුවක් ඇතිකිරීමේ උත්සාහයක් තවමත් පක්ෂ ජේෂ්ඨයන් විසින් දරන බව එක්සත් ජාතික පක්ෂ ආරංචි මාර්ග කියයි .රනිල් වික්‍රමසිංහ මහතා පක්ෂ නායකත්වය සහ විපක්ෂ නායකත්වය යන තනතුරු දෙකම අතහරින්නෙ නැතිව ඉදිරි මහමැතිවරණය සඳහා කටයුතු සැලසුම් කරන්නේ නම් කැන්ගරු ලකුණින් විකල්ප පක්ෂයකින් සජිත් ප්‍රේමදාස මහතා මහමැතිවරණයට ඉදිරිපත් විය යුතු යැයි සජිත් හිතවාදී කණ්ඩායමේ ප්‍රබලයන් කිහිප දෙනෙක් සජිත්ව යෝජනා කර ඇති බවද වාර්තා වේ .

Leave a reply: