රනිල් හමුවූ මහා නායක හිමිවරු කරු ජයසූරියට එ.ජා .ප නායකත්වය පවරන්නැයි ඉල්ලති

පසුගිය දා එ.ජා .ප නායක රනිල් වික්‍රමසිංහ මුණගැසුණු මල්වතු අස්ගිරි මහනායක හිමිවරු පක්ෂයේ නායකත්වය පරිණත දේශපාලනඥයකු වන කරු ජයසූරිය මහතා ට පවරන්නැයි ඉල්ලා සිටියහ .සිංහල බොදු නායකයකු වශයෙන් රටේ ජනතාවගේ සැලකිල්ලට භාජනය වී සිටින කරු ජයසූරිය මහතාට එ .ජා .ප නායකත්වය පැවරුවහොත් ඉදිරි මැතිවරණයේදී හොද සටනක් දිය හැකි බව මහනාහිමිවරුන් අවධාරණය කර ඇත .

ජනාධිපතිවරණයෙන් පරාජයට පත් වූ සජිත් ප්‍රේමදාස ස්ථිර අදහස් ඇති නායකයෙකු නොවන බවත් ,ඔහුට සාමූහිකව ක්‍රියා කිරීමට නොහැකි බවත් මහ මැතිවරණයට සජිත් ගේ නායකත්වයෙන් තරග කළහොත් පක්ෂය රනිල්ටත් වඩා අන්ත පරාජයක් ලබනු ඇතැයි මහනායක හිමිවරු එ .ජා .ප නායකයාට අවවාද කළහ .

Leave a reply: