රවීගේ උදව් රජය ප්‍රතික්ෂේප කරයි

එ.ජා පයෙන් සමගි ජනබලවේගයෙන් සහ කොළඹ දිස්ත්‍රික්කයේ ජනතාවගෙන් කැපී ගොස් සිටින හිටපු ඇමැති රවී කරුණානායක ආණ්ඩුව ට සහාය දැක්වීමට ගත් උත්සාහයක් ව්‍යර්ථ කර තිබේ .මේ සඳහා ඔහු උපයෝගී කරගෙන ඇත්තේ 20 වැනි ව්‍යවස්ථා සංශෝධනයයි.ඊට තමන්ට හිතවත් සමගි ජනබලවේගයේ (සජිත් පිලේ ) මන්ත්‍රීන් පිරිසකගේ සහාය ලබා දිය හැකි බව කියමින් ඔහු ආණ්ඩුවේ ප්‍රධානීන් ගණනාවකට පණිවිඩ එවා ඇත .

ව්‍යවස්ථා සංශෝධනය ට පෙර අවම වශයෙන් තවත් මන්ත්‍රීන් හත් දෙනෙකුවත් රජයට එක්කර ගැනීමට අපේක්ෂා කරන බැවින් තමන්ට හිතවත් ,තමන් උදව් කළ සමගි ජනබලවේගයේ (සජිත් පිලේ ) මන්ත්‍රීන් තිදෙනකු ගේ හෝ සිව් දෙනෙකුගේ සහාය රජයට ලබා දිය හැකි බව රවී රජයට එවූ පණිවිඩයේ සඳහන් ය.ඔහු දැනට මුහුණ දී සිටින බැඳුම්කර වංචා නඩුව ඇතුළු බරපතළ නඩු ගණනාවකින් ගැලවීම සඳහා මෙම උපක්‍රමය උපයෝගී කරගැනීමට තැත් කරන බව දැනගත් ජනාධිපතිවරයා ප්‍රමුඛ ආණ්ඩුව රවීගේ උදව් පදව් තරයේම ප්‍රතික්ෂේප කර ඇත .එසේම රවී කරුණානායක ට එරෙහිව කෙරෙන පරීක්ෂණ වහා කඩිනම් කරන ලෙස ද අදාළ අංශ වලට උපදෙස් දී තිබේ .

ජිනීවා කොමිසම ජී.එස්.පියට වැඩක් දෙන්න යයි.තීරු බදු සහන යටතේ යුරෝපයේ රටවලට භාණ්ඩ අලෙවි කිරීමට ලබා දී තිබෙන ජී.එස්.පී සහනය සීමා කිරීමට හෝ අහෝසි කර දැමීමට ජිනීවා මානව හිමිකම් කොමිසම කටයුතු කරමින් සිටින බව වාර්තා වෙයි .

ඔවුන් මෙබඳු තීරණයක් ගන්නට යන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 20 වැනි සංශෝධනයෙන් මෙරට ප්‍රජාතාන්ත්‍රික අයිතීන් උල්ලංඝනය වන බවට චෝදනා නගමිනි .ඊට අදාළ පැමිණිලි ගණනාවක් සමගි ජනබලවේගය හෙවත් සජිත් පිල සහ කැනේඩියානු දෙමළ ඩයස්පෝරාව විසින් සිදුකර ඇතැයි රජයට තොරතුරු ලැබී ඇත .

යුරෝපයේ රටවල් 28 කට ඇඟලුම් ,මාලු,එළවළු ,තේ ආදී ප්‍රධාන දේශීය ද්‍රව්‍ය වාර්ෂිකව අපනයනයෙන් ඩොලර් බිලියන ගණනාවක ආදායමක් ශ්‍රී ලංකාව ට හිමිවෙයි .2009 උතුරේ කොටි යුද්ධය හමාර කළ අවස්ථාවේදීත් මෙම තත්ත්වයට සමාන තත්ත්වයක් හට ගැනුණි .එහෙත් යහපාලන රජය යටතේ නැවතත් එම සහනය හිමි විය. ජාත්‍යන්තර එන්.ජී.ඕ සංවිධානවල උදව්වෙන් යහපාලන කාලයේ සම්මත කර ගත් 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය නිසා තමන්ට නිසි ලෙස රාජ්‍ය පාලනය කරගත නොහැකි බව කියමින් වත්මන් රජය එම සංශෝධනය අහෝසි කිරීමට සියල්ල සැලසුම් කර තිබේ .යුරෝපා සංගමය ඔවුන්ගේ ජී.එස්.පී අවිය අපට එරෙහිව දිගු කළද ජනාධිපතිවරයා හා අගමැතිවරයා තමන්ගේ තීන්දුව වෙනස් නොකරන බව ප්‍රකාශ කළේය .

Leave a reply: