රවුෆ් ,රිෂාඩ් ,මනෝ තනිවෙයි.

මෙරට ප්‍රධාන පෙළේ සුලු පක්ෂ ගණනාවක පසු පෙළ මන්ත්‍රීන් සිය නායකයන් හැර දමා රජයට සහාය දීමට ඉදිරිපත්ව සිටිති .රවුෆ් හකීම් ,රිෂාඩ් බදුර්දීන් හා මනෝ ගනේෂන් යන පක්ෂ නායකයන් යටතේ සිටින මන්ත්‍රීන් අතරින් 9 දෙනෙකු මේ ගැන රජය සමඟ වෙන වෙනම සාකච්ඡා පවත්වා තිබේ .

මෙම පක්ෂ නායකයන්ගෙන් රවුෆ් හකීම් සහ රිෂාඩ් බදුර්දීන් දෙදෙනා රජයට බඳවා ගැනීමට ආණ්ඩුව සූදානම් නැත .එහෙත් මධ්‍යස්ථ පසු පෙළ මන්ත්‍රීන් ට මහින්ද රාජපක්ෂ සැලුන් දොර විවෘත කර තිබේ .ඒ අනුව මෙම මන්ත්‍රී පිරිස 20 වැනි සංශෝධනය සම්මත කරගැනීමට පෙර රජයට සහාය දීමට ඉදිරිපත් වනු ඇතැයි දැනගන්නට ඇත .දැනටමත් මුස්ලිම් කොංග්‍රසයේ නසීර් අහමඩ් ,මොහොමඩ් හාරිස් ,ෆයිසාල් කාසිම් යන මන්ත්‍රීවරුන් තමන් රජය සමඟ සහයෝගයෙන් වැඩ කිරීමට සූදානම් බව ප්‍රකාශ කර ඇතැයි වාර්තා වෙයි .මනෝ ගනේෂන් ගේ පක්ෂයේ පරිපාලනය මෙහෙයවන කාන්තාවකට විරෝධය පල කරමින් එහි මන්ත්‍රීන් සිව් දෙනෙක් ද රජය සමඟ සාකච්ඡා වට දෙකක් පවත්වා ඇත .ඔවුන්ගේ අරමුණ ද රජයට සහාය දීමයි.

Leave a reply: