ගෝඨාභය ගේ ඉදිරි ආණ්ඩුවේ කැබිනට්ටුවට අලුත් මුහුණු ගණනාවක් පාතාලයන්ගේ තෝම්බුවක් හදයි

රාජසභා මණ්ඩපය කැඩූ නගරාධිපති කොටුවන ළකුණු

කුරුණෑගල නගර මධ්‍යයේ පිහිටි රාජ සභා මණ්ඩපය නීති විරෝධි ලෙස කඩා දැමූ එහි නගරාධිපති තුෂාර සංජීව නැමැත්තා නීතිය ට කොටුවෙමින් තිබේ .නීතිපතිවරයා මේ ගැන ලැබුණු පැමිණිලි මත සෘජු තීන්දු ගනිමින් වහාම මෙයට අදාළ ලිපි ලේඛන මහේස්ත්‍රාත් අධිකරණය ට බාර දෙන්නයැයි නගරාධිපතිට නියෝග කළේය .

ඊට සමගාමීව ජනතා විමුක්ති පෙරමුණේ කුරුණෑගල දිස්ත්‍රික් නායක නාමල් කරුණාරත්න විසින් නගරාධිපති වහා අත් අඩංගුවට ගෙන නීතිය හමුවට පමුණුවන්නයැයි ‘රීට් ‘ ආඥාවක් ඉල්ලා අභියාචනාධිකරණයේ නඩු පවරා තිබේ .මෙම නඩුවේදී නගරාධිපති නියෝජනය කරමින් නීතිපතිවරයා පෙනී නොසිටින බවද වාර්තා වෙයි .

කෙසේ හෝ මෙම සිද්ධිය ගැන මන්දගාමී ලෙස නීතිය ක්‍රියාත්මක වීම ගැන ජනතාව ජනාධිපතිවරයාට ද පැමිණිලි කළේය .ප්‍රදේශයේ දේශපාලන බලවතුන්ගේ ගෝලයෙකු වන නගරාධිපති ට එරෙහිව නීතිය දැඩිව ක්‍රියාත්මක කළ යුතු යැයි කුරුණෑගල පොදු ජනතාව තරයේ ප්‍රකාශ කර ඇත .

Leave a reply: