ස්වාධීන කොමිෂන් සභා පක්ෂග්‍රාහී බව අල්ලස් දූෂණ කොමිසමෙන් ද තහවුරුවෙයි. ජනපතිට නඩු දමන්නට ගිය මංගලට සහ චම්පිකට ඇමරිකානු තානාපති ගෙන් හොඳ පිළිතුරක්.

රාජ්‍ය ඇමැතිලාට විෂයන් නොපවරන කැබිනට් ඇමැතිලා ගැන විශේෂ වාර්තාවක්

කැබිනට් මණ්ඩල තීරණය අනුව රාජ්‍ය අමාත්‍යවරුන්ට විෂයන් හා කාර්‍යන් පැවරීම සිදු කරන ලෙස නියම කොට සති කිහිපයක් ගත වී ඇතත් මේ දක්වා එය ඉටුකර නොමැති කැබිනට් ඇමැතිවරුන් සම්බන්ධව විශේෂ වාර්තාවක් ජනාධිපතිවරයා සහ අගමැතිවරයා විසින් ලබාගෙන ඇත .මෙයට අදාළව කැබිනට් මණ්ඩල පත්‍රිකාවක් මෙන්ම ජනාධිපති ලේකම්වරයා ගේ ලිඛිත චක්‍ර ලේඛයක්ද නිකුත් කර තිබේ .එහෙත් අගමැතිවරයා සහ තවත් කැබිනට් ඇමැතිවරුන් දෙදෙනෙක් හැර අන් කිසිවෙකු එම තීන්දුව ක්‍රියාත්මක කර නැත .ඇතැම් ඇමැතිවරුන්ට කැබිනට් විෂයන් හතර පහ ලැබී ඇතත් ඔවුහු සිය රාජ්‍ය ඇමැතිවරුන් ට අමාත්‍ය මණ්ඩල විෂයන් තබා කාර්‍යාලයක් හෝ නිල වාහනයක්වත් ලබදීමට කාරුණික වී නැත .

මෙවර පත් කරන ලද රාජ්‍ය අමාත්‍යවරුන් අතර ප්‍රබලයෝ රැසක්ම වෙති .ඔවුන් අතර ගාමිණී ලොකුගේ ,මහින්ද යාපා අබේවර්ධන ,වාසුදේව නානායක්කාර ,ජෝන් සෙනෙවිරත්න ,අනුර යාපා සහ සුසිල් ප්‍රේම ජයන්ත යන මහත්වරුද සිටිති .

Leave a reply: