රිෂාඩ් ගේ සහෝදරයා ගැන දින 30 කින් විමර්ශනයක්.

පාස්කු බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් අත් අඩංගුවට ගෙන නිදහස් කරන ලද රිෂාඩ් බදුර්දීන් හිටපු අමාත්‍යවරයා ගේ සහෝදරයා ගැන තිබෙන සියලු විධිමත් සාක්ෂි වහා විමර්ශනය කර දින 30 ක් තුළ පරීක්ෂණ වාර්තාවක් ලබා දෙන ලෙස නීතිපතිවරයා පොලීසියට නියම කළේය .

පාස්කු බෝම්බ සිද්ධිය ගැන ප්‍රමාණවත් සාක්ෂි තිබියදී රිෂාඩ් ගේ සොහොයුරා නිදහස් කළ බවට සී.අයි.ඩී යට එරෙහිව සමාජයෙන් චෝදනා එල්ල වී තිබේ .

සිනමන්ග්‍රෑන්ඩ් හෝටලයට බෝම්බ ගැසූ ඝාතකයා සමඟ ඔහු විද්‍යුත් දුරකථන සබඳතා පැවැත්වූ බවට සාක්ෂි හෙළිදරව් විය. එසේම සහරාන් ට ඉන්දියාවට පැන යාමට බෝට්ටු සපයා දුන්නේ රිෂාඩ් ගේ සහෝදර රියාද් බව පාස්කු කොමිසමේදී සාක්ෂි දුන් හිටපු යුද හමුදාපති මහේෂ් සේනානායක හෙළිදරව් කළේය . ඊට අදාළ සාක්ෂි හමුදා බුද්ධි අංශය සතු බවද හිටපු යුද හමුදාපතිවරයා කීය.

මේ හැර තවත් ප්‍රබල සාක්ෂි ගණනාවකින් මොහු පාස්කු ප්‍රහාරකයින් සමඟ සබඳතා පවත්වා ඇති බව කියැවෙන නිසා වහා නැවත මේ ගැන පරීක්ෂණයක් කරන ලෙස නීතිපතිවරයා පොලීසියට නියම කළේය .

Leave a reply: