රිෂාඩ් බදුර්දීන් අනාථවන ලකුණු .

බරපතළ වංචා දූෂණ චෝදනා මෙන්ම පාස්කු බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් චෝදනා එල්ලවී තිබෙන හිටපු අමාත්‍ය ශ්‍රී ලංකා මහජන මූස්ලිම් කොංග්‍රසයේ නායක රිශාඩ් බදුර්දීන් කිසිම දේශපාලන පක්ෂයකට වැද්ද නොගන්නා තත්ත්වයට පත්ව ඇතැයිකොළඹින් ලැබෙන අලුත්ම ආරංචි මාර්ග සඳහන් කරයි .

මෙතෙක් කල් එක්සත් ජාතික පක්ෂය හා එක්සත් ජාතික පක්ෂයේ දේශපාලන සන්ධානය වන එක්සත් ජාතික පෙරමුණේ ප්‍රබල හවුල්කරුවෙකු ලෙස ක්‍රියා කළ රිෂාඩ් බදුර්දීන් සජිත් පිල විසින් අලුතෙන් ස්ථාපිත කරන්නට යන එක්සත් ජාතික පක්ෂයේ නව දේශපාලන සන්ධානයට වැද්ද නොගැනීමට තීන්දු කර තිබේ .රනිල්ගෙන් වෙන්වී සජිත්ගේ නායකත්වයෙන් ඉදිරි මහ මැතිවරණයට තරග කිරීම සඳහා අලුතෙන් පිහිටුවන්නට යන නව එක්සත් ජාතික පෙරමුනේ නායකයන්ගේ හමුවක් පසුගිය සිකුරාදා පාර්ලිමේන්තු සභා ශාලාවේදී පැවැත්විණි. එම හමුව සඳහා එක්සත් ජාතික පෙරමුණේ සෙසු සියලු හවුල්කාර පක්ෂ නායකයන්ට ආරාධනා කර තිබුණද රිෂාඩ් බදුර්දීන් හිටපු අමාත්‍යවරයාට ඊට ආරාධනා කර නොතිබුණි. ඊට හේතුව ඔහු එම සන්ධානයට එක් කර නොගැනීමට කලින්ම ගත් තීරණයක් බව එක්සත් ජාතික පක්ෂයේ ආරංචි මාර්ග කියයි .

මෙයින් බොහෝ සේ කැළඹීමට සහ කලබලයට පත්වී සිටින රිෂාඩ් බදුර්දීන් හිටපු අමාත්‍යවරයා ගෝඨාභය රාජපක්ෂ රජයේ ප්‍රබලයන්ට පණිවිඩ පිට පණිවිඩ එවමින් සිය පක්ෂය ඉදිරි පාර්ලිමේන්තුවේදී රජයට තුනෙන් දෙකක බලයක් ලබාදීමට සූදානම් බව ප්‍රකාශ කර තිබේ .එහෙත් ගෝඨාභය රාජපක්ෂ මහතා සහ මහින්ද රාජපක්ෂ මහතා මහතා රිශාඩ් බදුර්දීන්ගේ ඉල්ලීම තරයේම ප්‍රතික්ෂේප කොට ඇත්තේ ඔහුට සිය පක්ෂ කාර්යාලය පැත්ත පලාතටවත් නොඑන ලෙස අවවාද කරමිනි .ඉන් පසුව ඔහු එම පක්ෂයට සම්බන්ධ ප්‍රබල ව්‍යාපාරිකයන්ට සහ හිතවතුන්ට ආයාචනා කරමින් මහින්ද රාජපක්ෂ සහ ගෝඨාභය රාජපක්ෂ මහත්වරු මුණගස්වා තමන්ට නව රජයට එක් වීමට අවස්ථාවක් සලසා දෙන්නැයි ඉල්ලා තිබේ.

නමුත් එම සියලු ඉල්ලීම් අදාළ ව්‍යාපාරිකයන් සහ හිතවතුන් විසින් එකහෙළාම ප්‍රතික්ෂේප කර ඇත .

පාස්කු බෝම්බ ප්‍රහාරය විල්පත්තුව වන විනාශය සිංහල ගම්මාන ආශ්‍රිතව මුස්ලිම් කොළනි ඉදිකිරිම තමන් යටතේ පැවැති සතොස ඇතුළු රාජ්‍ය ආයතන හතළිස් ගණනක සිදුකරන ලද මහා බරපතළ වංචා දූෂණ සම්බන්ධයෙන් චෝදනා ලබා සිටින රිෂාඩ් බදුර්දීන්දීන් හිටපු අමාත්‍යවරයා සම්බන්ධව දැනට පොලිස් පරීක්ෂණ 12 ක්‍රියාත්මක වෙමින් පවතී .එවන් අපකීර්තිමත් ඉතිහාසයක් ඇති රිෂාඩ් බදුර්දීන් හිටපු අමාත්‍යවරයා ඉදිරියේ දී කිසිම ප්‍රධාන දේශපාලන පක්ෂයකට සම්බන්ධ කර නො ගැනීමට ගත් තීරණය ගැන බොහෝ දෙනා ප්‍රශංසා කරති .

Leave a reply: