රිෂාඩ් බදුර්දීන් ගේ පරීක්ෂණ අවසන්

යහපාලන ආණ්ඩුවේ ප්‍රබල ක්‍රියාකාරිකයෙකු ලෙස පෙනී සිටි හිටපු ඇමැති රිෂාඩ් බදුර්දීන් සම්බන්ධව සිදු කළ රහස් පොලිස් පරීක්ෂණ අවසන් අදියරට පැමිණ තිබේ .රුපියල් කෝටි සිය ගණනක වත්කම් අයථා ලෙස අත් පත් කර ගැනීම ඔහුට සහ ඔහුගේ බිරිඳට එරෙහිව එල්ල වී ඇති චෝදනාවයි.

වසර 2005දී හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මුණගැසීමට සිලි සිලි මල්ලක ඇදුම් දමාගෙන සරමකින් සහ කමිසයකින් සැරසී අරලිය ගහ මැදුරට පැමිණි රිෂාඩ් බදුර්දීන් වසර කිහිපයක් ඇවෑමෙන් ඇමැති තනතුරු දරා දැන් මෙරට කෝටිපතියන් අතර මුල් පෙළේ වැජඹෙයි.ඔහු මෙලෙස වත්කම් ඉපයූ ආකාරය සම්බන්ධව කරන ලද විමර්ශන වලදී ඉඩම් ඔප්පු 227ක් සහ ඔහුගේ වත්කම් මූලාශ්‍ර වලට සම්බන්ධ ලිපි ලේඛන ඇතුළත් ලිපි ගොනු 30ක් පමණ පොලිස් අත් අඩංගුවට පත්ව ඇත .මේ නිසා ඔහු සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කිරීමට රහස් පොලීසිය ඉදිරි දිනවල අධිකරණ නියෝග ලබා ගැනීමට සැලසුම් කර තිබේ .

අයථා ලෙස වත්කම් රැස් කිරීමට අමතරව විල්පත්තුවේ වනාන්තරය විනාශ කිරීම සහ පාස්කු ප්‍රහාරයට සම්බන්ධ මුස්ලිම් අන්තවාදීන් වන සහරාන්ලාට අනුග්‍රහය දැක්වීමද රිෂාඩ් ට එරෙහිව එල්ල වී ඇති සෙසු චෝදනා අතර වේ .

Leave a reply: