රිෂාඩ් බදුර්දීන් සැඟවී සිටින තැන ගැන ජනාධිපති ගෝඨාභය විජේදාසගෙන් ප්‍රශ්න කරයි.

පාර්ලිමේන්තු මන්ත්‍රී විජයදාස රාජපක්ෂ ගේ මාධ්‍ය හමුවේදී රිෂාඩ් බදුර්දීන් මන්ත්‍රීවරයා සැඟවී සිටින තැන ආණ්ඩුවේ ලොක්කන් දන්නවා යැයි කියූ ප්‍රකාශය ගැන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විජේදාස මන්ත්‍රීවරයාගෙන් දැඩි ලෙස ප්‍රශ්න කර ඇත .

රිෂාඩ් බදුර්දීන් සැඟවී සිටින තැන දන්නා ආණ්ඩුවේ ලොක්කන් කවුද යන්න වහාම තමන්ට පවසන්නයැයි ජනාධිපතිවරයා විජේදාස මන්ත්‍රීවරයා ට දුරකථන ඇමතුමක් ලබා දී ප්‍රශ්න කළ විට විජේදාස රාජපක්ෂ ට පිළිතුරු දී ගත නොහැකි වී ඇතැයි වාර්තා වෙයි .අනතුරුව තමන් ගේ ප්‍රකාශය මාධ්‍ය විසින් විකෘති කර ඇතැයි මන්ත්‍රීවරයා මාධ්‍යට චෝදනා කර ඇත .

එහෙත් මෙම චෝදනාව නොපිළිගත් ජනාධිපතිවරයා පදනම් විරහිත අසත්‍ය මත රට හමුවේ ප්‍රකාශ නොකරන ලෙස මන්ත්‍රීවරයා ට දැනුම් දුන්නේ ය.

20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ගැන විජේදාස රාජපක්ෂ මහතා කවර මතයක් දැරුවත් එය ආණ්ඩුව ට ප්‍රශ්නයක් නොවන නමුත් රිෂාඩ් බදුර්දීන්ලා ගැන සත්‍යයෙන් තොර පුවත් සමාජගත කිරීම බරපතළ වරදක් බවත් ජනාධිපතිවරයා අවධාරණය කර ඇත .එය ආණ්ඩු පක්ෂයේ විනය පිළිබඳ බරපතළ ගැටලු ඇති කරන බව ද ප්‍රකාශ කර තිබේ .

Leave a reply: