ස්වාධීන කොමිෂන් සභා පක්ෂග්‍රාහී බව අල්ලස් දූෂණ කොමිසමෙන් ද තහවුරුවෙයි. ජනපතිට නඩු දමන්නට ගිය මංගලට සහ චම්පිකට ඇමරිකානු තානාපති ගෙන් හොඳ පිළිතුරක්.

රිෂාඩ් බදුර්දීන් -හිජාස් හිස්බුල්ලා කොටුවෙති

මුස්ලිම් අන්තවාදී නායක සහරාන් විසින් පුත්තලම ප්‍රදේශයේ පවත්වා ගෙන යන ලද යුද පුහුණු කදවුරුවල පුහුණුව ලැබූ ළමුන් දෙදෙනෙක් කොළඹ මහේස්ත්‍රාත් හමුවේ රහසිගත ප්‍රකාශයක් කළෝය .

තමන් ට මුස්ලිම් අන්තවාදය ඉගැන්වූ අන්දමත් ,මූලික යුද පුහුණුව ලබා දුන් ආකාරයත් එහිදී ඔවුන් හෙළිදරව් කර ඇතැයි දැනගන්නට තිබේ .
හිජාස් හිස්බුල්ලා ,රිෂාඩ් බදුර්දීන් හා ඔහුගේ සොහොයුරු රියාඩ් බදුර්දීන් සම්බන්ධයෙන් මෙම ප්‍රකාශනවලදී බොහෝ දේ හෙළිදරව් කර ඇතැයි රහස් පොලිස් ආරංචි මාර්ග කියයි හිජාස් හිස්බුල්ලා පවත්වා ගෙන ගිය N.G.O සංවිධානයක් මගින් මෙම කටයුතු සඳහා මුදල් වැයකර ඇතැයි හෙළිදරව් වී තිබේ .

ඊට මූල්‍ය අනුග්‍රහය දැක්වූවන් අතර හිටපු ඇමති රිෂාඩ් බදුර්දීන් ,ඔහුගේ සොහොයුරු රියාඩ් බදුර්දීන් හා සහරාන් ගේ බෝම්බ ප්‍රහාරවලට මුල් වූ ජ.වි.පෙ ජාතික ලැයිස්තු අපේක්ෂක මොහොමඩ් ඊබ්‍රාහිම් ද වෙති.

Leave a reply: