රිෂාර්ඩ් බදුර්දීන් අත්අඩංගුවට ගන්නා ලෙස නීතිපතිගෙන් නියෝග .

රජයේ මුදල් අවභාවිත කිරීම සහ මැතිවරණ නීති රීති උල්ලංඝනය කිරීම යන චෝදනා යටතේ රිෂාඩ් බදුර්දීන් හිටපු අමාත්‍යවරයා අත්අඩංගුවට ගැනීම සඳහා අධිකරණ වරෙන්තු ලබා ගන්නා ලෙස නීතිපතිවරයා පොලිස්පතිවරයාට උපදෙස් ලබා දී ඇත .

පසුගිය කාලයේ හිටපු අමාත්‍ය රිෂාඞ් බදුර්දීන් රජයේ මුදල් අවභාවිතා කිරීම ගැන බොහෝ චෝදනා ඔහුට එල්ල වී තිබිණි .ඒ සම්බන්ධව පොලිස් විමර්ශන ගණනාවක් ද සිදුකර ඇත .ඒ අතර පසුගිය ජනාධිපතිවරණයේදී පුත්තලම ප්‍රදේශයේ ඡන්ද දායකයන් ලංකා ගමනා ගමන මණ්ඩලයේ බස් රථ යොදා ගෙන නීති විරෝධී ලෙස ප්‍රවාහනය කිරීම සම්බන්ධයෙන් ද ඔහුට චෝදනා එල්ලවිය.එය රජයේ මුදල් සහ රාජ්‍ය සම්පත් අවභාවිතයක් බවට චෝදනා නැගුණි .මේ සම්බන්ධයෙන් කරන ලද මූලික විමර්ශනවලින් අනතුරුව හිටපු අමාත්‍ය රිෂාඩ් බදුර්දීන් මහතා පොදු දේපළ පනත යටතේ අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමට නියම කෙරිණි.

Leave a reply: