ගෝඨාභය ගේ ඉදිරි ආණ්ඩුවේ කැබිනට්ටුවට අලුත් මුහුණු ගණනාවක් පාතාලයන්ගේ තෝම්බුවක් හදයි

ලබන මස මුල සිට ඇදිරි නීතිය සහමුලින්ම ඉවතට

මෙම මස 26 වැනි දින සිට දිවයින පුරාම බලපැවැත්වෙන පරිදි මෙතෙක් කල් දහවල් කාලයේ ක්‍රියාත්මක වූ ඇදිරි නීතිය රජය විසින් ඉවත් කර ඇත .ලබන ජූනි මස මුල් භාගයේ සිට රට පුරා දැනට රාත්‍රි කාලවල ක්‍රියාත්මක වන ඇදිරි නීතිය ද ඉවත් කෙරෙනු ඇතැයි රජයේ ආරංචි මාර්ග කියයි.කෙසේ වෙතත් පොසොන් පොහොය නිමිත්තෙන් පැවැත්වීමට නියමිතව තිබූ උත්සව ,දන්සැල් ,තොරණ ආදිය අවලංගු කර තිබේ .ආගමික කටයුතු ප්‍රතිපත්ති පූජාවන්ට සීමා කර සුලුවෙන් පවත්වන ලෙස රජය නිවේදනය කර ඇත .

වෛද්‍ය සේවා අංශවල අදහස වන්නේ දැන් මෙරට සමාජය තුළ කොරෝනා රෝගය පාලනය වී ඇති බවයි.අද (ඉරිදා )වන විට මෙරට කොරෝනා රෝගීන් හදුනා ගන්නා P.C.R පරීක්ෂණ 52000 ක් ඉක්මවා සිදුකර තිබේ .

මේ සියල්ලෙන්ම දැනට රෝගීන් ලෙස හදුනා ගැනෙන්නේ විදේශවල සිට මෙරටට පැමිණි අය සහ වැලිසර නාවික හමුදා කදවුරේ සෙබළුන් පමණි .

දින 25 ක් පමණ සෙසු සමාජයෙන් රෝගීන් වාර්තා නොවීම යහපත් තත්ත්වයක් නිසා තවදුරටත් ඇදිරි නීතිය අනවශ්‍ය බව වෛද්‍ය අංශවල මතය වී තිබේ .මේ වන විට දිවයිනේ කොරෝනා රෝගය වැලදුන රෝගීන්ගෙන් 63%ක් පමණ සුවය ලබා ඇත .එයද රෝග පාලනය පිළිබඳ සුබ ළකුණක් බව වෛද්‍ය අංශ පවසයි .

Leave a reply: