ගෝඨාභය ගේ ඉදිරි ආණ්ඩුවේ කැබිනට්ටුවට අලුත් මුහුණු ගණනාවක් පාතාලයන්ගේ තෝම්බුවක් හදයි

වසන්ත සහ සාගල කරණමකට සැරසේ

එක්සත් ජාතික පක්ෂයේ ප්‍රබලයන් වන සාගල රත්නායක සහ වසන්ත සේනානායක යන අමාත්‍යවරු දෙදෙනා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සදහා එක්වීම සදහා රහසිගත සාකච්ඡාවක නිරත වී සිටින බව වාර්තා වේ .පසුගිය කාලය පුරා දැඩි නිහඬ  පිළිවෙතක් අනුගමනය කළ සාගල රත්නායක අමාත්‍යවරයා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ගේ අතිශය සමීප හිතවතෙකි .

ඔහු මුල සිටම එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා ලෙස සජිත් ප්‍රේමදාස මහතා ඉදිරිපත් නොකළ යුතුය යන මතය දැරුවෙකි .

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ අපෙක්ෂකයා ලෙස සජිත් ප්‍රේමදාස මහතා නම් කිරීමත් සමග සියලු දේශපාලන කටයුතු වලින් ඉවත්ව සිටින සාගල රත්නායක මහතා ගෝඨාභය රාජපක්ෂ මහතා ගේ මැතිවරණ වේදිකාවට පිවිසීමට කැමැත්ත පල කර තිබේ .එහෙත් සජිත් එ.ජා .ප අපේක්ෂකත්වය ට පත්වීමෙන් පසු සාගල ,අකිල ඇතුළු රනිල් හිතවාදින් කොන් කරමින් මැතිවරණ ප්‍රචාරණ කටයුතු ආරම්භ කෙරිණි .

ඒ අතර රාජ්‍ය ඇමැති වසන්ත සේනානායකද සජිත් ප්‍රේමදාස මහතා ගේ මැතිවරණ මෙහෙයුම් ගැන කලකිරීම ප්‍රකාශ කිරීමට ගිය බදාදා මාධ්‍ය හමුවක් කැදවීය.එහිදී ඔහු මතු කළේ රවුෆ් හකීම් ,රිෂාඩ් බදුර්දීන් ,රවී කරුණානායක යන අමාත්‍යවරු සජිත් ගේ අමාත්‍ය මණ්ඩලයටත් සම්බන්ධ කරගන්නේද යන ප්‍රශ්නයයි .එසේම සජිත් ගේ රජයේ අගමැති ධුරය රනිල් වික්‍රමසිංහ මහතාට ලැබෙනවාද යන්නද සේනානායක මහතා විමසීය.වසන්ත සහ සාගල මෙලෙස සජිත් ප්‍රේමදාස මහතා ගේ මැතිවරණ ක්‍රියාදාමය ගැන කලකිරීම පල කළේ ඉදිරියේදී සිදුවන පක්ෂ මාරුවේ පෙර නිමිත්තක් ලෙස බව එ.ජා .ප ආරංචි මාර්ග කියයි .

Leave a reply: