වික්ටර් අයිවන් ලා ජන්දයට විරුද්ධව නඩු දමති

මැතිවරණ කොමිසම මහ මැතිවරණය ට දින නියම කර තිබේ .ඒ ගැන නීතිපති සහ රජයේ වෛද්‍ය අංශ ද විධිමත් උපදෙස් නිකුත් කර ඇත .

එහෙත් මාධ්‍යවේදී වික්ටර් අයිවන් සහ චරිත ගුණරත්න යන අයවලුන් මැතිවරණය පැවැත්වීමේ ගැසට්ටුව අවලංගු කර පැරැණි පාර්ලිමේන්තුව නැවත කැදවන ලෙස ඉල්ලමින් අධිකරණයේ නඩු ගොනු කර ඇත .එ.ජා .ප ය හා සජිත් පිල වෙනුවෙන් කඩේ යන මේ අයගේ එකම අරමුණ යූ .එන් .පි යට බලය ඇති පැරැණි පාර්ලිමේන්තුව නැවත කැදවා රජයට එරෙහිව යෝජනා 2ක් සම්මත කර ගැනීමයි.

පසුගිය ජනාධිපතිවරණ කාලයේ සජිත් ප්‍රේමදාස ජනාධිපතිවරණයෙන් ජයග්‍රහණය කරන බව කැට තබා අදහස් ඉදිරිපත් කරමින් කොල ඉරාගත් වික්ටර් අයිවන් වැන්නන් තමන් ගේ පක්ෂග්‍රාහී විග්‍රහ නිසා ජනමත ප්‍රධානින් ලෙස ඔවුන් සතුව තිබූ තත්ත්වය බාල්දු කර ගත් පිරිසකි .මොවුන් නැවත වරක් උත්සාහ කරන්නේ විපත මැද්දේ රට අවුල් කිරීම බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ප්‍රකාශ කරයි .

Leave a reply: