ගෝඨාභය ගේ ඉදිරි ආණ්ඩුවේ කැබිනට්ටුවට අලුත් මුහුණු ගණනාවක් පාතාලයන්ගේ තෝම්බුවක් හදයි

වික්ටර් අයිවන් හත් පොලේ ගා ගනී .

කලකට පෙර මාධ්‍ය වේදියෙකු ලෙස කීර්තියක් දිනාගෙන සිටි වික්ටර් අයිවන් මෙවර ජනාධිපතිවරණයේ දී සජිත් ප්‍රේමදාස මහතා වෙනුවෙන් කඩේ යන්නට ගොස් හත් පොලේ ගා ගත් බව මාධ්‍ය සංවිධාන ප්‍රකාශ කරති .

කිසිදු ජන බලයක් නැති පුනරුදය නම් රාජ්‍ය නොවන සංවිධානයක් අටවාගෙන සිටින හෙතෙම මෙම ජනාධිපතිවරණයේ ජයග්‍රහකයා සජිත් ප්‍රේමදාස බව දිගින් දිගින් දිගටම ප්‍රකාශ කරන්නට විය .

අවසාන මොහොතේ වැඩේ වැරදීගෙන එන බව දැනගත් අයිවන් තමන්ගේ අඩව්ව වෙනස් කොට ගෝඨාභය රාජපක්ෂගේ ඇමරිකානු පුරවැසි භාවය අහෝසි වී නැතැයි අද දින මාධ්‍යයට ප්‍රකාශ කළේ ය .දැන් උසාවිය පවා ගෝඨාභයගේ පුරවැසිභාවය අහෝසි වී ඇතිබව පිළිගෙන ඇති මොහොතක වික්ටර් අයිවන් වැනි ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදියෙකු විහිළුකාර ඡන්ද අපේක්ෂකයෙකු වෙනුවෙන් මේ ආකාරයට කඩේ යන්නට වීමෙන් මාධ්‍ය වේදියෙකු ලෙස මෙතෙක් ඔහු ගොඩනගාගෙන තිබූ කීර්තියඅකාමකාගෙන ඇතැයි මාධ්‍ය සංවිධාන ජේෂ්ඨයෝ පවසති පවසති.

Leave a reply: