වික්ටර් අයිවනුත් පොහොට්ටුව දිනන බව කියයි.

පසුගිය ජනාධිපතිවරණයේ දී සජිත් ප්‍රේමදාස නියත වශයෙන්ම ජයගන්නා බවට අවිචාරවත් විචාරයක යෙදුණු රාවය හිටපු කර්තෘ වික්ටර් අයිවන් මෙම මහ මැතිවරණයේදී පොහොට්ටුව ජය ගන්නා බව ට ප්‍රකාශ කර ඇත .ඔහු විසින් සතිපතා කරන දේශපාලන විචාරයේදී මෙවර එම සඳහන කර තිබේ .

පොහොට්ටුව මහ මැතිවරණය ජයගත් පසු ආණ්ඩුව පවත්වාගෙන යාම පහසු නැතැයි අනතුරු ඇඟවීමක් සිය විග්‍රහය මඟින් ප්‍රකාශ කර ඇති ඔහු රටේ ආර්ථිකය බෙහෙවින් පහල ගොස් ඇතැයි ද කියා තිබේ .අයිවන් ගේ එම කතාව සත්‍යයක් වන අතර කොරෝනා වසංගතයෙන් අඩාල වූ ආර්ථිකය ගොඩනැංවීමට කලක් ගත වන බව කුඩා ළමයෙක් වුවද දන්නා ප්‍රත්‍යක්ෂ සත්‍යයකි .

වික්ටර් අයිවන් මෙසේ කීවද සජිත් පිල ට සම්බන්ධ ගාමිණී වියන්ගොඩ,චන්ද්‍රගුප්ත තේනුවර වැනි ඇතැම් තැනැත්තන් ට අනුව ලබන ජන්දයේ වාසිය ඇත්තේ සජිත් ට පමණි .එසේ වුවද පසුගිය සියලු මැතිවරණවලදී එ.ජා.ප හිතවාදී ව දේශපාලන විචාර ඉදිරිපත් කළ මහාචාර්ය සරත් විජේසූරිය නැමැත්තා මෙවර ආගිය අතක් නැත .මේ සියලු දෙනාටම සිදුව ඇත්තේ රනිල් වික්‍රමසිංහ වෙනුවට තෝරා ගත් විකල්පය වන සජිත් ප්‍රේමදාස ගේ ප්‍රතිපත්ති පිලිගැනීමට ඇති නොහැකියාව බව විශ්වාස කටයුතු ආරංචි මාර්ග කියයි .

සජිත් ප්‍රේමදාස යනු කිසිදු දේශපාලන දැක්මක්,දර්ශනයක් ,ප්‍රතිපත්තියක් හෝ වැඩපිළිවෙළක් සැලසුම් කර නැති කතා පෙට්ටියකි.ඔහු කරන්නේ මෙයට කලකට පෙර මහින්ද රාජපක්ෂ විපක්ෂ නායකයා ලෙස දුන් පොරොන්දු වලට සමාන පොරොන්දු නැවතත් තමන්ගේ පොරොන්දු ලෙස සමාජගත කිරීම පමණි .

සජිත් ගේ දේශපාලනය ව්‍යාකූල වී ඇතැයි පසුගිය දා මහින්ද රාජපක්ෂ අග්‍රාමාත්‍යවරයාද කොළඹ දී ප්‍රකාශ කළේය .

Leave a reply: